කැලණිය ක‍්‍රයිම් ඕ.අයි.සී.ට මරණ තර්ජන

police

වැඩ තහනමට ලක්ව සිටින කැලණිය අපරාධ විමර්ශන කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. ලින්ටන් ද සිල්වා මහතාට ජංගම දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ලවන හෙයින් ජීවිත ආරක්ෂාව පතා ලින්ටන් මහතා ඉකුත් 02 දා මිනුවන්ගොඩ පොලිසියේ පැමිණිල්ලක් කර ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

‘‘උඹේ නිල ඇඳුම ගැළවුණා. දැන් උඹ ගාව අවි නෑ. අපි ගාව ඕනෑ තරම් අවි තියෙනවා. බලපන් උඹටයි, ගෑනිටයි, උඹේ පවුලේ උන්ටයි ළඟදීම වෙන දේ. හෙට අනිද්දම කොල්ලෝ දෙන්නෙක් එවලා වැඬේ දෙනවා’’ යැයි පරුෂ වචන භාවිත කරමින් බැණ තර්ජනය කරන බවත්, ‘‘අපි උඹව කොහොම හරි ඇතුළට ගන්න ඉන්නේ. උඹට වැඩිකල් එළියේ ඉන්න දෙන්නේ නැහැ. බලපන් උඹව ඇතුළට අරන් කරන දේ’’ යනුවෙන් පවසමින් තවත් පිරිසක් තර්ජනය කරන බවට ලින්ටන් මහතා කළ පැමිණිල්ලේ සඳහන් වන බව මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුරටත් කීය.

සේවය අත්හිටුවීමට පොලිස්පතිවරයා කටයුතු කරනු ලැබීමෙන් අනතුරුව ඒ මහතාට මෙසේ මරණීය තඋර්ජන එල්ල වී ඇති බව පොලිසිය කියයි.

 

Related posts