ගෘහස්ත ප්‍රචණ්ඩත්වය වැලැක්වීමේ පනත – නීතිඥ ලක්ෂාන් ඩයස්

laksahan-dias

කොලඹ ජාතීක රෝහලේ සංඛ්‍යාලේඛන අනුව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිසා රෝහල්ගතවන කාන්තාවන් ගණන දිනකට 12ක් පමණ වන බව ප්‍රවෘත්තියක් ලෙස විකාශය විය , බත ඉදෙනතුරු පමනක් තිබෙන සරල ගැටුමක් ලෙස සමහර දේශපාලනඥයින් අර්ථ දැක්වු ගෘහස්ත ප්‍රචණ්ඩත්වය , දණ්ඩ නීතී සංග්‍රහයේ එවකටද පැවතී වරදවල්ද තවත් පුලුල් තලයකට ගෙන එමින් වඩා ප්‍රගතීශීලී පනතක් ලෙස පාර්ලීමේන්තුවේ සම්මතවූයේ 2005 අගොස්තු මාසයේය. එවකට අගමැති මහින්ද රාජපක්ෂ මැතීතුමා වූ අතර චන්ද්‍රිකා බන්ඩාරනයක කුමරණතුංග මැතිනිය ජනාධීපතීනිය විය.

වඩා වැදගත්ම කාරනය වන්නේ එම නීතීය ඉදීරීපත් වන්නේ එහී හැඳීන්වීමේම ඇතී පරීදී, වැලැක්වීමේ නීතීයක් ලෙසය. දන්ඩණීය නීතීයක් ලෙස නොගෙනීමම එම නීතීයේ නිමාණකරුවන් සවිඥ්ඥානිකව කල කාරණයක් බව තේරුම් යන්නේ පනතේ භාවිතයේදී එය ලාංකීය සමජයට එය බිල්ලකු නොවීමට වගබලා ගැනීමත්, එමෙන්ම අවශ්‍ය මුඛ්‍ය කාරනය එනම් නිවසේ සිදුවන ප්‍රචණ්ඩත්වය වලක්වා ගැනීමත්ය.

මෙය කාන්තාවන්ට එරෙහී ප්‍රචණ්ඩත්වය පනත ලෙස නොගෙනෙන්නේම එයට එරෙහී බලවේග සමනය කිරීමත් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය කාන්තාවන් අරභයා පමනක් නොව ලමයින් හා වැඩිහිටියන් එල්ලේද සිදුවන බැවින්ය.

මෙම පනත අපරාධ නීතියේ පවතින රාමුවෙන් එලියට පැන්නා නම් එය සිදුවුයේ මානසික හිංසාව නැත්නම් හැඟීම් මත සිදුවන පීඩාවද මෙම පනත මගින් ආවරනය කර තිබීමයි. 1995 දණ්ඩ නීති සංග්‍රහයට 345 වගන්තීය එක් කිරීම මගීන් ” බැල්මකින් පවා කාන්තාවට ලිංගික හිංසනය කල හැක ” යන වඩා ප්‍රගතිශීලී නීති රාමුව හඳුන්වාදී දස වසරක් ගතවන විටම මෙම නීතීය මගීන් තවත් ඉදීරී පියවරක් තැබිනී.

වැලැක්වීමේ නීතියක පැවතිය යුතු වැලැක්වීමට හැකී අධිකරණමය හැඩය මෙම නීතීයටද ගෙන එමින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයක් සිදුවන විට පමනක් නොව සිදුවීමට වඩාත් ඉඩ ඇති විටද මෙම නීතීයේ පිහිට පැතීමට අවස්ථාව ලබා දීම තවත් ඉදීරී පියවරකි.

බොහෝ විට ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සිදුවන්නේ සැලසුම් සගතව නොවේ, එය අධිපතිවාදය තුල පිරිමියාට ප්‍රධානය කර ඇති බලය රිසිසේ භාවිතා කිරීමට ඕනෑම වෙලාවක ඇති සමාජ පිලිගැනීම ක්‍රියාවේ යෙදවීමක් පමනී.

එයට සැලසුම් කිරීමක් අවශ්‍ය නොවේ , ක්‍රියාත්මක කිරීමට සිතු සැනීන් එයට අමුද්‍රව්‍ය ඇති  සැටියෙන් එය කල හැක. එම නිසාම මෙය හදීසී කාරනයක් ලෙස සලකා වැලැක්වීම ද පනතේ අරමුණක් ලෙස පැහැදිලිවම පෙනෙන්නේ එයට ලබාදී ඇති ප්‍රමුඛතාවයයි. නඩුවක් හදිසි නඩුවක් ලෙස සලකා කටයුතු කල යුතු බව නීතිය තුලම ලියැවී ඇත්නම් එය එම නීතියේ සංවේදී හා හදිසි අවශ්‍යතාව මතුකර පෙන්වීමකී.

අනතුරුව එය පහසුම ක්‍රමයට කිරීමට හැකිවීමද අතුරු ප්‍රශ්ණ වැලැක්වීමද අරමුනු කොට නිර්මාණය කල පනතකි. ඕනෑම වින්දිතයකුට වහාම තමා හෝ වෙනෙකෙකුගේ මාර්ගයෙන් පැමිනිල්ලක් මත වහාම අධිකරණයෙන් ඒක පාර්ශවීයම සහන ලබා ගත හැක්කේ සරල ලෙස නොව අධිකරණය සැහීමට පත් කිරීම තුලය, පහසුවෙන් ලබා ගැනීමට හැක, යන්න සරල තේරුම් ගැනීමට ධානාත්මකව හා සෘණාත්මකව පහසුකම් සැපයීමක් මේ පනත තුල කර ඇත.

පසුගාමී සමාජයක් ඉදීරිගාමී සමජයක් බවට පරිවර්තනය කිරීමට නම් එය භාවිතාවන සමාජයේම එය කලම්බනයට ලක් කිරීමට අවැසී බව නිර්මාණකරුවන් සිතන්නට ඇත බලෙන් පැටවීමට වඩා මෙම කාරනය හරහා දැනටත් පවතින අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136 ( 1 ) අ , වගන්තීයේ ඇති පිලිගැනීමම එබ්බවීම හරහා තිරිංග හෝ ග්‍රහනය කිරීමට පහසුකම් සැපයීම කර ඇත .

මුල් අවධියේ මා එවැනී නඩුවකට පෙනී සිටියදී මා ඉතා ගරු කරන එවකට සිටී මහෙස්ත්‍රාත්තුමියක් විනිශ්චායසනයේ සිටම පවසන ලද්දේ මෙය ඉතා දරුනු නීතියක් බවය එවකට එය බොහෝ අය තේරුම් ගෙන තිබුනේද එලෙසය. මා විවෘත අධීකරණයේදී ම පවසා සිටියේ මෙය ලංකාවේ බිහිවුනු සුවිශේෂී වටිනාකමක් ඇතී නීතීයක් බව හා එතුමියට පරස්පර මතයක් මා දරන බවය.

කාලයගේ ඇවැමෙන් අද වන විට මේම පනතට මනා පිලිගැනීමක් හා එය තුලම මෙම නීතීයේ කතුවරුන් බලා පොරොත්තුවු ප්‍රවර්ධනය අභයන්තරීකවද සිදු වන බව පෙනේ, හා ප්‍රායෝගීකව ඇති අපහසුතා කදිමට මගහරවා ගන්නේ අවශ්‍යතාවය Necessity යන කාරණය පෙරදැරිවීම නිසා බවය.

ලංකාව පුරුෂ මුලිකව ක්‍රියාත්මක වන පුරුෂාධීපත්ය සමාජයක් , එහිදී නෛසර්ගීක පුරුෂ භාවයන් මතුවීම ස්වාභාවීකය එය ගැනු හෝ පිරිමි වේවා අධිකරණ ක්ෂේත්‍රයේ ද ඒසේමය. එසේවූ කලී ප්‍රශ්නය දෙස කාන්තා කෝණයෙන් බැලීම සිදුවන්නේ සමාජයේ එය පවතීන ආකාරයට වඩා වැඩි වෙනසකින් නොවේ

ඒ නිසාම මේය සමාජයට වෙතට ගිය සමාජයේ පිලිගත් නීතියක් ලෙස පැලපදියම් කිරීමට වෙනසක් හා ගෞරවනීය සමාජයක් බලපොරොත්තු වන සැමගේ කාර්යයයී.

කාන්තාවන්ට ලමයින්ට පහර දෙන සාමජයක් දියුණු හෝ ගෞරවනීය සමජයක් නොවේ.

මෙම පනතේ එක මුඛ්‍ය කාරනයක් දෙස බලමු, යම් හෙයකින් පුරුෂයා හෝ පනතේ සටහන් වන ආකරයට පීඩවට පත් තැනැත්තට අදාල තැනැත්තා පිලිබඳ ඉතා විශාල වපසරියක් නිර්මාණය කර දී ඇත, එමගින් පීඩකයාට ගැලවිය හැකී අවස්ථා ඉතා අවම කර ඇත ඒ අනුව සාමාන්‍යයෙන් කාන්තවක් පීඩාවට පත් කරන කණ්ඩායම් බොහෝමයක් එයට ඇතුලත් කර තිබීම නිසාම මෙය තවත් ඉදීරි පියවරක් තැබූ පනතකී,

මා මෙය බලන්නේ කාන්තාවාදී දෘෂඨීකෝණයකින් නිසා මට ඉතාම වැදගත් වන කාරණය නම් සාක්ෂී විමසීමේදී මෙම පීඩවට පත් තැනැත්තාට අදාල තැනැත්ත නැතහොත් වග උත්තර කරු නීතීඥයකු මාර්ගයෙන් නොව තමා විසින්ම පීඩාවට පත් තැනැත්තාගෙන් සාක්ෂී විමසයී නම් එවීට පීඩාවට පත් තැනැත්තාගෙන් සෘජුවම සාක්ෂී වීමසීමට පනත ඉඩ නොදේ.

මන්ද පනත නිර්මාණය කල අය දන්න කාරණය නම් එසේ පීඩකයා පීඩීතයාගෙන් සෘජුවම ප්‍රශ්න ඇසීමේදී මෙතෙක් පීඩකයා විඳී බලය හා ආධිපත්‍ය යොදා සාක්ෂීකාරිය යටපත් කල හැකී වීමයී. මෙය නිර්මාණකරුවන් හොඳින් වටහා ගත් නිසා පීඩීතයා හැකී පමන පීඩකයාගෙනා දුරස්ව තබා ගැනීමට හා බලපැමෙන් තොරව ජීවත් වීමට හා අධිකරණ කටයුතු වලදී පවා කටයුතු කිරීමට සලස්වා ඇත, එහීදී එම පීඩකයාගේ ප්‍රශ්න පලමුව අධිකරණය යොමු කොට පසුව අධිකරණයෙන් මගීන් පීඩීතයාට යොමු කිරීමට පනත සලස්වා ඇත.

මෙයම හා 11 වගන්තීයේ ඇති සහන සියලල්ම පනත කෙතරම් දුරට කාන්තාව පවුලේ සමගිය ඉලක්ක කරගෙනම පනව ඇද්ද යන්නට සාක්ෂීවේ එම 11 වගන්තීය අනුව ඕනෑම ආකරයේ බලපෑමක් හෝ යටපත් කිරීමට දර උත්සාහයක් හෝ පීඩනයකින් කාන්තාව හා ලමයින් වැලැක්වීම හා ගෘහයේ සාමය ආරක්ෂා කිරීමට දරණ ඇගේ උත්සාහය ප්‍රසංශනීය වේ. පනත අනුව ආරක්ෂක නියෝගය වාර්ශීකව දීර්ඝ කීරීමට හැකී බව බොහෝ දෙනා නොදන්න හැඩය.

බොහෝ උසාවිවල සමගි කිරීමට උත්සහ ගනු පෙනේ සමහර උසාවිවල මෙම නඩුව ඉක්මනින් නොගැනීමද ප්‍රශ්න සහගතය පනතේ අදහස් නම් එදීනම හෝ පසු දින ගැනීමය සමහර උසාවි වල ගෘහස්ථ ප්‍රචණ්ඩතා නඩු ගැනීමට දිනයන් වෙන කර තීබේ, මෙයද වෙනස්වීය යුතුය, එමෙන්ම සමගි කිරීම හෝ පවුල් උපදේශනයට යැවීම පනත මුල් අවස්ථාවේ බල පොරොත්තු නොවන දෙයකි මුලින් කී ආකරයට අධිකරණය සැහීමට පත් වේ නම් එවිට අතුරු නියෝගයේ ආරක්ෂාව ලබාදී පසුව එය කරුනු විමසා පවත්වාගෙන යාම දීර්ඝ කිරීම හෝ වෙනස් කිරීම සිදුවීය යුතුබව පනතේ අරමුන බව මගේ හැඟීමයී.

පොලීසිද සමහර විට මෙවැනී පැමිණිලි ලැබුනු විට උසාවි නොදා සමගි කිරීමට කරණ උත්සාහය ඔවුන් පනත නොදන්න බව කියා පැමකී. එමෙන්ම සමහර දක්ෂ කාන්තා නිලධාරීනියන් කාන්තාවට පනත ආකරයටම සැලකීම නිසා හොඳ සහනයක් ලබා ගැනීමට ඔවුන්ට අවස්ථව උදාවේ.

පොදුවේ මගේ අත්දැකීමනම් පොලීසිය හරහා මෙවැනි නඩුවක් කරනවාට වඩා දැනුමැති නීතීඥවරයකු හෝ වරියක මාර්ගයෙන් මෙවැනී නඩුවක් පවත්වාගෙන යාම වැදගත්වේ, එහෙත් පොලිස් පැමිණිල්ල පුර්ව උපදේශන සහය හා මානසික වාර්ථාද වඩා වැදගත් වෙයි.

මගේ මැතකම අත්දැකීම නම් උසාවිය අතුරු ආඥාවක් සහීතවම උපදේශනයට යොමු කිරීම නිසා හා උපදේශක නීතීය නොදැනීම නිසාම දෙදෙනාම නැවත එක නිවසක වාසය කිරීමට බලපැම් කර තත්ත්වය උග්‍ර කීරීමයී , මෙය නොකල යුත්තකි.

අවසානයේ මෙම ප්‍රශ්ණයට කාන්තවනට මුහුන දීමට සවිබල ගන්වන්නේ කෙසේද? පුරුෂයකු හා පුරුෂාධිපත්‍ය දරන්නකු වශයෙන් මා හීලැවුයේ හා මෙල්ල වුයේ කන්තාවන් ඇසුරේය, ඔබේ බිරිඳ පෙම්වතිය, ඔබගේ පුරුෂධීපත්යයේ උඩඟුකම මෙල්ල කරන්න තැනැත්තිය විය යුතුය , මම එය අත්දකීමී.

දෙවනුව මා ඇසුරුකල මහා කාන්තාවන්ය ඉන් ඔඩ්රි රීබේරා, සුනිලා අබේසේකර, නිමල්කා ප්‍රනාන්දු

ස්ත්‍රීපුරුෂ සමාජභාවීය සම හැසිරීම් පුරුෂයන් තුල ඇතිකීරීමට බලපැම් කල මහා චරිත විය… විවියන් ගුණවර්ධන , තේජා ගුණවර්ධන ඈ වෙනත් බොහෝ දේශපාලන හා නොවන කාන්තාවන් මේ විෂයේ පොදුවේ සමාජයට කල බලපැම අතී මහත්ය.

පනත කිසිදු විටේක හුදකල කාරණයක් නොවීය යුතුවා සේම අධීකරනය තුල හා ඉන් පිටත ආකල්පමය , හැසීරීමය හා බලපෑම් කලයුතු නීතියකි එ බලපැම් කරමින් හා දීර්ඝ අරගල කරමින් මෙම පනත වඩා පලදායී පිලිගන්නා හා ආයතනික අභ්‍යන්තරිකවද වෙනස්කම් ඇතීකරන්නවූ පනතක් ලෙස පරිවර්ථනය කල යුතුය.

වඩාත් වැදගත් මාධ්‍ය හැසිරවීමකට මෙම පනත පුර්වාදර්ශ සපයයී , මෙම පනත අනුව මෙම නඩු කාරණයකදී සිදුවන දැ පිලිබඳව මාධ්‍ය වාර්තා පල කිරීම තහනම්ය එමෙන්ම සමාජ ජාල වලටද මෙය අදාලය, ඒ නිසා මිනිසුන්ගේ පවුල් තුල ඔනැම ගැටුලුවක් විය හැක, ඒ ඔවුන් මිනිස්සුන් නිසාය.

එසේ පුද්ගලික ගැටලු අනෙකෙකුට හෝ සමාජයට තලු මරන්නට කුනු රසයක් ගෙනදීමට ක්‍රියාකරන මාධ්යයට මෙම පනත වැට බැඳ ඇත. සැම අපරධයකටම මේ පනත ආදර්ශයක්ම වෙවා.

මා පෙර ලියු ලිපියක් සංස්කරණය කර මෙයට අමුනා ඇත…….. එයා සාවධානව කියවන්න…………..

ගෙදර අයට ගැහුවොත්, බැන්නොත් මෙල්ල කිරීමේ නඩු දාන හැටි.

A reading on Domestic Violence Act .

**ගෙදර එක්කෙනා, ගැනු හෝ පිරිමි කොයි කවුරුත් වේවා , අනෙක් එක්කෙනාගෙන් ගුටි කන්න බැනුම් අහන්න කැමති නෑ, ශීලාචාර සමාජයක ඒව බෑ, ඒ හින්දයි මේ ලස්සන පනත අපේ රටේ තියෙන්නේ. එක අම්මලට ගහන පුත්තුන්ට වගේම දරුවන්ට ගහන අම්මලට තාත්තලටත් හොඳ පාඩමක්, මේක කියවන්න හා තත්ත්වය තේරුම් ගන්න. අපි වෙනස් වෙමු මේ 21 වෙනි සියවස. **

ඔබ මේ ගැන ප්‍රශ්න ඇහුවොත් ඒවත් මෙහිම Edit කරල දාන්නම්. ඕනෑම පිටුවක/සමුහයක Share කරන්න.

මුලු පනත හරහාම කරන්න බලන්නේ දෙදෙනකු වෙන් කරන්න නෙමෙයි ගැහැනියකට හෝ ලමයකුට හෝ වැඩිහිටියකුට සමාජයේ තියන මනුෂ්‍ය අභිමානය Human Dignity ..ඉහලම මට්ටමක පවත්වාගෙන යාම. මනුෂ්‍ය අභිමානය නොසලකා හැරියෝත් ඉතිරි වන්නේ දින ජාතියක් පමනයි ගැහැනුන්ට ලමයින්ට අම්මට තාත්තට පහරදෙන කුණු හරුපෙන් බනින සමාජයක් නැති කරන්න මේ පනත ගොඩාක් උපකාරී වෙනවා, මේ පනත සම්පුර්ණ වශයෙන් තවමත් භාවිතා වන්නේ නැ කියන එකයි මගේ මතය. ඒක කරන එක නීතීඥයින්ගේ හා අධිකරනයේ වගකීමක්.

2005 අංක 34 ගෘහස්ත ප්‍රචණ්ඩත්වය වැලැක්වීමේ පනත ගැන විග්‍රහයක් හා එහී අත්දැකීම් බෙදාගැනීමක් තමයි මෙහි දී සිදුවන්නේ. අපරාධ නීතියේ එන දණ්ඩනීය හා වලැක්වීමේ Preventive and Punitive වැරදී කියන වැරදී වර්ග 2න් වැලැක්වීමේ preventive වරදක් හැටියට තමයී ගෘහස්ත ප්‍රචණ්ඩත්වය පනතේ එන කාරනා එන්නේ. මේ පනත පාර්ලීමේන්තුවට ගේන කොටත් පක්ෂ විපක්ෂ කොටස් දක්වපු අදහස්ද මේ දන්ඩනීය හා වැලැක්වීමේ වෙනස් කම නොතේරුම් ගත්තාය කියන හැඟීම මට තියනවා. එදා ඒක දැක්කේ Divorce පනතක් හැටියට ( හැන්සාඩ් එක බලන්න )

මේ පනතේ නමම වැලැක්වීමේ පනතක් හැටියට නම් කරල තියෙන්නෙම මෙකෙන් වරදකරුවකු කිරීමක් නැ නමුත් චෝදනාව අධිකරණය සැහීමට පත් වෙන ලෙස ඔප්පු කරනවා නම් එතකොට වැලැක්වීමේ ආඥාවන් ලබ දෙනවා. මේ වැලැක්වීමේ ආඥාවන් යම් පුද්ගලයකු කඩ කරනවානම් එතකොට එයාට අධිකරණය දඬුවම් කරනවා එකත් සැලකෙන්නේ අධිකරණයට අපහාස කලා වගේ තත්ත්වයේ ලා මිසක් කල ප්‍රචන්ඩත්වයට දඬුවමක් නෙමෙයී, මිනිසුන් ස්භාවයෙන්ම ප්‍රචන්ඩ හැසීරීම් පෙන්නුම් කරන්වා ඒ නිසාමයි ප්‍රචන්ඩකම අපේ සමාජයේ තවම පවතීන්නේ. මේ ප්‍රචන්ඩ බව පිරිමි විතරක් නෙමෙයි ගැහැනුත් කරනවා එතකොට මේ පනත කාන්තවන්ට එරෙහි ප්‍රචන්ඩත්වය පනත නෙමෙයී ගෙදරක ඕනෑම කෙනෙක්ට එරෙහිව කරන වරදක් සේ සලකා ගෘහස්ත ප්‍රචන්ඩත්වය පනත සේ නම් කරනවා.

**මේ පනතින් කාන්තාවන්, පිරීමින්, වැඩිහිටි දෙමාපියන්, කුඩා දරුවන් හා ගෘහයක සිටින සියල්ලන් හෝ බොහෝමයක් ආවරනය කරනව ඒත් ගෘහස්ත සේවකයනුත් ආවරනය කල නම් හොඳයී කියා මා සිතනවා. **

පනතේ 2 වගන්තීයේ විස්තර කරන්නේ අගතීයට පත් පාර්ශවය කව්ද කියා නැත්නම් වින්දීතයකු එහීදී හඳුනා ගන්නවා ඒ වින්දීතයාට එහීදී මෙම ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ වින්දීතයට ප්‍රචන්ඩ බව අත්දැකීමට හෝ ඔන්න මෙන්න අත්දැකීමට ලක්වීමට සිටින අයට පවා මහේස්ත්‍රාත්  අධිකරණයකට යාහැකී.

***ඒත් මේ ලක්වීමට ඉඩ ඇත කියන අවස්තාව තවම අපේ රටේ භාවිතා වෙන්නේ ඉතාම අඩුවෙන්. පනතේ දිගින් දිගටම කියනවා ප්රචන්ඩත්වයට ලක්වීය හැකී පුද්ගලයන්ටද අධිකරණයට පැමිණිය හැක කියලා වින්දිතයා හෝ වින්දිතයා වෙනුවෙන් පොලීසිය මෙම නඩු පැවරීම කල හැකීයී. වින්දිතයා විසින් පෞද්ගලීකවම නඩු පැවරීමේදී නීතීඥයකු මාර්ගයෙන් තමයී නඩු පවරන්න ඕනා. ***

වින්දිතයා නඩු පවරන කොට ඒ සිද්ධීය ගැන හොඳින් කරුනු දන්න අයෙක් ඒ සිද්ධී තමන් දන්න බවට කරන්නවූ දිවුරුම් ප්‍රකාශයක් අමුණා තීබීමත් වැදගත් හෝ අවශ්‍යයමයි පනත අනුව. මෙම අධිකරණයට යැම කියන්නේ ආරක්ෂක ආඥාවක් ලබාගන්නටයි එක මුල අවස්තාවේ ලැබෙන්නේ අතුරු ආරක්ෂක ආඥාවක් හැටියටයි.

මෙම අධිකරණය යනුවෙන් අදහස් කරන්නේ වින්දීතය ඉන්න හෝ තාවකාලීකව ඉන්න මහෙස්ත්‍රාත් බල ප්‍රදේශයයි, ඒ වගේම ලමයෙක් නම් වින්දීතයා ලමයා වෙනුවෙන්, දෙමාපියන්ගෙන් කෙනෙකු, භාරකරු, ලමය ජීවත්වන තැන ඉන්න පුද්ගලයකූ, හෝ ළමා ආරක්ශන අධිකාරියට පුලුවන්, හිතන්න බෝඩිමක ඉන්නවා කියලා බොඩිමේ භාරකරුටත් පුලුවන්.

අනෙක තමයි පොලීසියත් පුලුවන් වින්දීතයකු වෙනුවෙන් මේ නඩුව ගොනු කරන්න මම බොහෝ විට මගේ මතය හැටියට කියන්නේ පොලීසිය හරහා නැතුව නීතීඥයකු හරහා කරන්න පුලුවන් කමක් තිබෙනවානම් එහෙම කරන්න කියලා මුදල් නැත්නම් නීති අධාර කොමිසම හරහා මේ නඩුවක් දාන්න පුලුවන් පොලීසිය නඩු දැමීමේ වරදක් නැ එත් මා එයට ඔබව උන්නන්දු කරවන්නේ නැ. ඒ හින්දයි නීති අධාර කොමිසම කියන විකල්පය මා යෝජනා කරන්නේ.

**මෙහිදී ලමයා යන්න වයස 18 ට අඩු කෙනෙක් කියන එකත්, ප්‍රචණ්ඩත්වය යන්නට උද්වෙගශීලී බැන වැදීමක් විශේශයෙන්ම වින්දීතයා කෙරෙහී යොමු කරන ලද බරපතල ස්වභාවයේ අවමන් කිරීමේ හා අපහාස කිරීමේ ක්‍රියාකලාපයක් ස්වරුපයකින් යුක්ත වන්නවුද ඒ පීඩවට පත් තැනැත්තාට බරපතල ක්ෂණික පීඩාවක් ඇතිකිරීමේ බලපැම ඇත්තාවුද ක්‍රියාවක් අදස් වේ, **

මේ කියන්නේ කුනුහරුප හා අවමන් සහගත වචනවලීන් කරන්නවූ බැන වැදීමක් හා එවැනී වෙනත් අවමන් සහගත් වචන කියා ක්ෂණික දැඩී පීඩාවක් ඇතිකරන කෙනෙක් උද්වේගශීලී බැන වැදීම කරනවා මේක ගැනු පිරිමි දෙගොල්ලම කරනවා. මේක කරන්න බැ, වෛශ්‍යාවක් හෝ නපුංසකයෙක් කීම අපේ සමාජයේ සලකන්නේ බරපතල හා ක්ෂණික පීඩාවක් ඇතීකරවන අවමන් කිරීමක් හැටියටයී, පීඩාවටපත්වුන ගෑනු කෙනාට හෝ පිරිමි කෙනාට හෝ දෙමාපියන්ට නඩු යන්න පුලුවන්, එම පීඩාවන් හෝ ප්‍රචණ්ඩත්වය නිවසේම හෝ නිවසින් පිට වුනත් මහ මගදී කලත් නඩු යන්න පුලුවන්.

තවද ප්‍රචණ්ඩත්වය විශාල පරීපතයක අර්ත දක්වල තියනවා දන්ඩ නීතී සංග්‍රහයේ 16 වන පරීච්චේදයම ඒ කියන්නේ ශරීරයට වන හා ජීවිතයට වන අපරාධ සියල්ලම මේ පනතේ ප්‍රචණ්ඩත්වය ලෙස සලකනව 293 සිට 365 අ දක්වා විශාල පරාසයක වැරදී සංයුක්ත වන වැරදී මෙහීදී වැරදී ලෙස සලකනව ඊට අමතරව 372 බලෙන් ලබා ගැනීම හා 483 සාපරාධී බිය ගැන්වීම මේ ප්‍රචණ්ඩත්වයට අර්ත ගනවනවා.

තවත් විස්තර කරනවානම්:

දණ්ඩ නීතී සංග්රහයේ වගන්තී බලපාන ආකරයත් වැදගත්; මෙහීදී විශේෂයෙන්ම මේ කාරනය ගෘහස්ත ප්‍රචණ්ඩත්වය කියන කාරනයේදී භාවීත වෙන්නේ අඩුවෙන් උදාහරනයක් කිව්වෝත් ගෙදරදී මරන තර්ජනය කලාට කවුරුවත් බරපතල විදියට සලකන්නෑ , ” අපි දන්නේ නැද්ද ඕකගෙ හැටි ඔය කිවට මරන එකක් නැ ” කියල ඉන්නව ඒත් සමහර විට පවුලේ හෝ ඥාතියෙක් තමයි මරන්නේ. ලිංගීක අතවරත් එහෙමයි පවුලෙ අය අතීන් අතවර වීම සමාජයේ එලියට එන්නේ නැ හැබැයි ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ වැදගත්කම තමයී ගෙදර අයගේ එහෙම ක්‍රියාකාරකම් ප්‍රචණ්ඩත්වය ලෙස සලකන්න පුලුවන් කම ගෙදර තාත්ත ලමයව පැහැරගෙන යනවා නම් සිවිල් නීතියේ කුමක් කීවත් එය වලක්වා ගන්න මෙය භාවිතා කල හැකීයි.

එකම දේ අපේ රටේ මේ නීතීය තාම ඒතරම් දුරට වර්ධනය නොවීම කාන්තාවන් හා නීතීඥයන් හා අධිකරණය මේ ගැන ක්‍රියාත්මක වෙන්න ඕනා, බලන්න 345 වගන්තීය ලිංගීක හිංසනය මේක ගෙවල් ඇතුලේ ඕනතරම් වෙනවා සීයා, බාප්පා, ඥාතී සහෝදරයා, සහෝදරයා, අම්මගේ අනියම් සැමියා, සමහර විට තාත්තා පවා මෙවගේ අතවර කරනවා ඒත් අපි ඒක ගෙදර වෙනවා නම් සලකන්නේ ලිංගික අතවරයක් හැටියට නෙමෙයි, පනත අනුව නම් ඒක වෙන්න කලින් වලක්වන්නත් පුලුවන් වැලැක්වීමේ නීතීයක ප්‍රබල බව එන්නේ එතනයි.

අපි පුරුදුවෙල තියෙන්නේ දණ්ඩනීය නීතියට විතරයි, වැලැක්වීමේ නීතීය අපි දියුණු කරගෙන නැ. මරණය කිරීම හෝ තැත් කිරීම, ස්ත්‍රී දුශණය, පැහැරගෙන යාම සුලු හෝ බරපතල් තුවාල කිරීම, අයුතු අවහිරය, අයුතු සිරකර තැබීම, හිතන්න තාත්තා හෝ අම්ම දුවෙක්ව සිරකරගෙන ඉන්නවා කියලා ප්‍රේම සම්බන්ඳයක් නිසා, මේ පනත මගින් ගෙදර ඉන්න ගමන් ඒවගේ කරදර නැතුව නිදහසේ ඉන්න පුලුවන් කම හදන නීතීයක්. අඩන්තේට්ටම් කිරීම, අපහරණය, සාපරධී බලහත්කාරය, බලෙන් විවාහ කර දීමට බලහත්කාරයෙන් නීතී විරෝධී සංසර්ගය කිරීමට පැහැරගෙන යාම වගේ දේවලුත් වලක්වන්න පුලුවන්. කූට්ටනය වලක්වන්නත් පුලුවන්,

එහීදී මෙම පනතේ අදාල තැනත්තා වශයෙන් හඳුන්වන කෙනා විසින් ඉහත වරදක් කලොත් හෝ කරන්න යනවා නම් තැත් කරනවා නම් එහෙනම් වැලැක්වීමේ අඥාවක් ගන්න පුලුවන්.

අදාල තැනත්තා කියන්නේ මේ පීඩාව හෝ හානීය කරන්න උත්සහ කරන හෝ, කරන කෙනා , එම අය මේ පහත අයගෙන් ඔනැම කෙනෙක් වෙන්න පුලුවන්. එම පීඩකය පීඩවට පත්වෙච්ච කෙනාගේ ;

**1. කලත්රයා ඒ කියන්නේ බිරිඳ හෝ සැමිය Spouse **

**2. පෙර කලත්රයා ඒ කියන්නේ පෙර බිරිඳ හෝ පෙර සැමියා..Ex-Spouse **

**3.සහවාසයේ යෙදෙන සහකරු ඒ කියන්නේ එකට ජීවත්වෙන ගැනු හෝ පිරිමි කෙනා වෙන්නන පුලුවන්. ( අනියම් සැමිය බිරිය ගැනයී මේ කියන්නේ ) Cohabiting Partner **

ඒ වගෙම. වින්දීතයාගේ කියන්නේ පීඩවට පත්වෙච්ච කෙනාගේ පියා, මව, ආච්චී, සීයා, කුඩම්මා, බාප්පා, පුතා, දුව, මුණුබුර මිනිබිරී, බිරිඳගේ හෝ සැමියගේ පෙර විවාහයේ පුතා හෝ දුව,සහෝදරය , සහෝදරීය , අර්ධ සහෝදරීය හෝ සහෝදරයා හෝ මවගේ හෝ පියගේ සහකරුගේ පෙර විවාහයේ දරුවන් හෝ , සහකරුගේ හහෝදර සහෝදරීයන් , සහෝදර සහෝදරීයන්ගේ දරුවන් , ඥාතී සහෝදරයා ඥාතී සහෝදරීයන් අයවලුන් වේ. මේ පීඩව කරන අයව විශාල වපසරියකින් නම් කරල තියනවා අඩුම ගානේ cousin කෙනෙක් ඥාතී සහෝදරයන් පවා.

මෙවැනී ඉල්ලීමක් ලැබුන විට අධිකරණය එම ඉල්ලීම වහාම සලකා බැලීය යුතුය. මේ වහාම යන්න මේ පනතට යොදන්නේ ගෙදරක සිද්ධවන ප්‍රචණ්ඩත්වයට අධිකරණයේ සාමාන්‍ය කාලය ගත්තොත් අවම වශයෙන් දින දෙකකවත් ගත්තොත් සමහර විට එය මරණයක් දක්ව හෝ සියදීවී නසා ගැනීමක් දක්වා හෝ ගමන් කල හැකි නිසා විය හැක, විෂේශයෙන්ම බොහෝ මහෙස්ත්රත් අධිකරණවල මෙම නඩු දවල් 12ට පෙර ගොනු කලොත් එදිනමද 12ට පසු ගොනු කලොත් පසුදාද සලකා බලයි.

නමුත් සමහර තැන්වල දින දෙක තුනක් ගනී එය පනතේ අරමුණු වලට පටහැනී බව මගේ මතයයි. එවැනී අවස්තාවක් මහේස්ත්‍රාත් තුමාට එය මතක් කර දීම මම නම් කරනවා. එතුමාට කැමතී තීරණයක් ගත හැකියී.

**මෙම ඉල්ලීම පුද්ගලීක නීතීඥයකු හරහා කරනවා නම් පෙත්සමක්, මොසමක් හා දිවුරුම් ප්‍රකාශයක් තීබීය යුතු අතර එම දිවුරුම් ප්‍රකාශයේ සියලු කරුනු සම්පිඬනය කොට අවශ්‍යයනම් එවාට අවශ්‍යය ඇමිනුම් ඒ කියන්නේ රොහල් වාර්ථා, වෛද්‍ය සහතික පහර කෑම ගැන චායරූප, වොයිස් රෙකෝර්ඩ්ස් ( හඬ පට ), පොලිස් පැමිනිලි පිටපත් වෙනත් දෘඩාංග හා මෘදුකාංග සාක්ෂී ඉදීරීපත් කල හැක. **

පිංතුරේ වගේ මුණ නිල්වෙලා තියන වෙලාවක පීඩකය ඇවිල්ල උසාවියට් කිව්ව මම ගැහුවේ නෑ යතුර විසි කරා ඒක එයාගේ ඇහේ වැදුනා කියලා උසාවියේ හිටපු අපිට හිනා ගියා, එහෙම අසාර්ථක බොරු කියන්න එපා

එදීනම අතුරු ආරක්ෂක ආඥාවක් ලබගත හැක එසේ කිරීමට නම් වින්දීතයාගෙන් දිවුරුමක් මත සාක්ෂී විමසීමක් කර එම ආඥාව දෙනු ලැබේ, එවීට නීතීඥවරයා විසින් වින්දිතයාව සක්ෂී කූඩුවට නංවා සිද්ධිය ගැන විශ්වාසනීයත්වය ගොඩනැගෙන ආකාරයේ සාක්ෂී මෙහෙයවීමක් කල යුතුයී ඒ මගින් මහෙස්ත්‍රාත්වරයාට ඒත්තු ගන්වන්න අවශ්‍යයී මෙහෙ ඇතී බරපතල තත්ත්වය හා විය හැකී කමේ බරපතල කම ඒවගේම දික්කසාදයට නොයා මේක උත්සාහකරලා බලන්න,

මහෙස්ත්‍රාත් තුමා අතුරු ආඥාවක් දීමට සෑහීමට පත් නොවේ නම් දෙන 14 කට පසු අධිකරණයේ පෙනීසීටින ලෙස කැඳවීමේ ආඥාවක් නිකුත් කල හැක, එමෙනම අතුරු ආරක්ශක ආඥාවට එරෙහිව කරුනු දක්වන ලෙස දින 14කට පසූ දිනයක් අදාල තැනැත්තාට නැත්නම් පීඩකයට ආඥා කෙරේ එය පීඩකයාගේ හා වින්දිතයගේ පොලීසියට හා පීඩකයාට උසාවියෙන් නිකුත් කරනු ලබයි.

පීඩකයගේ හා වින්දීතයගේ ලිපිනයට අදාල පොලීසීයට පිටපතක් යවන්නේ යම් හෙයකින් යම් ආකරයට මෙම අතුරු නියෝගය කඩ කලොත් ඒ සම්බන්ඳව **පොලීසීයට කටයුතු කිරීමේ බලයක් **ලැබෙන නිසාය. අතුරු ආඥාව නිකුත් කරන තුරු අධිකරණයේ සිටින්නේ වින්දිතය පමනක් බව සලකන්න එය ඒක පාර්ශාවීයව සිදුවන දෙයකි

**පීඩකයාට තමන්ට එරෙහිව ස්තීර තහනම් නියෝගයක් නිකුත් නොකිරීමට කරුනු දැක්වීමට දින 14ක් ලැබෙයි, දින 14න් පසු එලැබෙන නඩු දිනයෙදී පීඩකයා අතුරු තහනම් නියෝගය වෙනස් කරවා ගැනීමට හා ඉවත් කරවා ගැනීමට හා ස්තීර තහනම් නියෝගය නිකුත් නොකරවා ගැනීමට නීතීඥයකු මගින් හෝ තනීවම කරුනු දැක්විය යුතුය . **

එහීදී අධිකරණය පීඩකයාට සවන් දීමෙන් පසු කාරණය විමසීමට භාජනය කරයි. පලමුව වින්දිත පාර්ශවයේ සාක්ෂීද අනතුරුව පීඩක පක්ශයේ සාක්ෂීද හරස් ප්‍රශ්නද වෙනත් ළිඛිත සාක්ශීද සලක බලා අතුරු ආඥාව ස්තීර කිරීම හෝ නොකිරීම සිදු කරයී.

අධිකරණය සැහීමට පත්වන්නේ නම් දෙපාර්ශවය උපදේශනය කරන ලෙස සමාජ සේවකයන්ට හෝ පවුල් උපදේශකයන්ට නියම කර එයට සහභාගී වන ලෙස පාර්ශව කරුවන්ට නියම කල හැක. හැබැයි එය පාර්ශවයන්ගේ යහපත පිනිස වන බවට අධිකරණය සැහීමට පත් විය යුතුයි. විශේෂයෙන්ම වින්දිතයාට පීඩකයාට අනවශ්‍ය ලෙස බලපැම් කිරීමට එම පවුල් උපදේශනය භාවිත කරන්න බැ. මේක පවුල් උපදේශනය නෙමෙයි ඔබ විඳීතයගේ නීතීඥයා හෝ වින්දිතයා නම් දෙදෙනාම එකට ඉන්න උපදේශනයක් මෙයින් අදහස් නොවන බවත් එය නොකරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලන්න.

මොකද 6 ඡේදයේ තියනවා නීතීඥයකු මගීන් පීඩකය නඩු විමසීමට ඉදීරී පත් නොවන්නේ නම් පීඩකයට කෙලින්ම වින්දීතයාගෙන් හරස් ප්‍රශ්න අහන්න බැ එක අධිකරණයට කියල අධිකරණය තමයී හරස් ප්‍රශ්න අහන්නේ. ඒ තරමටම පනත මඟින් වින්දීතයාව රකිනවා ඒකට අධිකරණ බැඳී ඉන්නවා. ඒ නිසා පවුල් උපදේශනය අපි තෙරුම් ගන්න ඕනා වින්දිතයාව අනවශ්‍යය ලෙස පීඩකයාට නිරාවරනය නොවන එකක් ලෙස වෙනත් විදියට කිව්වෝත් දෙදෙනාම එකම විට එකම තැනක උපදේශනය වෙන්නේ නැ වෙන්න බැ.

අතුරු ආඥාව ආරක්ෂක ආඥාව නිකුත් කරන තෙක්ම බල පවත්වනවා ආරක්ෂක ආඥාව දෙන්නේ වසරකට එක වසරින් වසරා දීර්ඝ කරන්න ඔනා සමාලොචනයන් සහිතව.

අතුරු ආඥාවේ 11 වගන්තීයේ අ සිට ඕ දක්වාවූ ඕනැම ආඥාවක් කරන්න පුලුවන්. අතුරු ආඥාව ෆිස්කල් මගින් හෝ වෙනත් බලය ලත් නිලධාරීයෙක් මගින් ඕනෑකමින් පීඩකයාටම බාර දීමට හෝ නිවසේ අලවා බාරදීමට හැකියි. වින්දිතය ලමයෙක් නම් ළමා අරක්ශන් හෝ අයිතිවාසිකම් නිලධාරීයකුට ආඥාව නියාමනය කරන්නත ඒ වගේම ඕනෑම වින්දිතයකුට ආරක්ශාව හා සහය ලබා දෙන ලෙස සමාජ සේවකයන්ට සංවර්ධන නිලධාරීන්ට අධිකරණ නියම කල හැකීයී.

විභාගයෙන් පසු අධිකරණය සැහීමට පත් වන්නේ නම් ආරක්ෂක ආඥෑවක් නියම කරයි එ ය 8 වගන්තීය ප්‍රකාරව කරයි. යම් හෙයකින්න් ෆිස්කල් මගීන් හෝ බලයලත් නිලධාරීය අතුරු ආඥාව බාර දී පීඩකය නොපැමිනියහොත් එවීට අධිකරණය සැහීමට පත්වන්නේ නම් පීඩකය නොමැතීව 8 වගන්තීය ප්‍රකාර ආරක්ෂක ආඥාව නිකුත් කරයී පීඩකය දීන 14න් අධිකරණයට පැමින ආරක්ෂක ආඥාව නිකුත් කිරීමට විරුද්ධ නොවන්නේ නම් එවිටද අධිකරණය 8 වගන්තීය ප්‍රකාර නොයෝගය කරයී ආරක්ෂක ආඥාව ද පීඩකයාට, පීඩකයාගේ පොලීසියේ ස්ථානාධීපතිට වින්දීතයාගේ පොලීසියේ ස්ථානාධීපතිට භාරදීය යුතුයී. ඒ වගෙම ගෘහස්ත ප්‍රචණ්ඩත්වය සිදුවීම් ඇතීවීම වැලැක්වීය යුතුයී.

වඩා වැදගත්ම දේ තමයි 11 වගන්තියේ එන දේවල්

**වින්දීතයා හා පීඩකය හවුලේ ඉන්න ගෙදරට යන්න බෑ, රැකිය ස්තානයට යන්න බෑ, පාසලට යන්න බෑ, වාසස්තානයට යන්න බෑ, තාවකාලිකව ඉන්න තැනට යන්න බෑ, වින්දීතයා හ පීඩකය විසු හවුල් නිවසේ කොටසකට යන්නත් බෑ, හවුලෙ නිවසක පදිංචි වෙන්නත් බෑ, වින්දීතයගෙ ලමය සමඟ සම්බන්ඳතා පවත්වන්න බෑ ඒත් ඒක ලමයගේ යහපතට වේ නම් අධිකරණයට සීමාවකට යටත්ව අවසර දෙය හැකියි. වින්දීතයා හවුලෙ බුක්තීවිඳීන දේපලවලට එන්න බෑ, ඒ කියන්නෙ කුඹුරක් කරනවා නම් දෙන්නඑකතුවෙලා කුඹුරට එන්නත් බෑ, කවර අකරයටවත් වින්දීතය සමග සම්බඳතා ඇතීකර ගැනීමට උත්සාහ කිරීම ඒ කියන්නේ කෝල් කරන්නත් බෑ, පස්සෙන් යන්නත් බෑ, වින්දීතයට සමාජ සේවකයෙක් හෝ වෛද්‍යවරයෙක් උදව් කරනවා නම් ඒ අයට තර්ජනය කරන්නත් බෑ, වින්දීතය අසරන කරන විදියට ගෙදර විකුනා දැමීම දේපල විකිනීම කරන්නත් බෑ, **

වින්දීතයාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පීඩකයා ගාව තියන කඩු කිනිසී පිස්තෝල අත් අඩංගුවට ගන්නවා,

** වින්දීතය සමග දේපල ආරක්ශාවට යා යුතු නම් ඒසේ යන ලෙස පොලීසීයට නියෝගයක් අධිකරණය දෙනව ඒ කියන්නේ ගොයම් කපන්න කුඹුරට යනව නම්, වින්දීතයට ඒ ආරක්ශාව පොලීසීය දෙන්න ඕනා. **

තාවකාලීක නවාතැන් සැපයීම උපදේශනය හා මනෝ විද්යත්මක සහය දෙන රජයේ නිලදාරීන්ට ලෙස නියෝග කිරීම අධිකරණයට කල හැකීයී.

**යම් හෙයකින් පීඩකයා **මත වින්දීතයා යැපෙනවා නම් මේ සේරම කරලා වින්දිතයට සල්ලීත් දෙන්න ඕනා යැපීමට

මේවගේ 12 වගන්තීයේ ගොඩාක් නියෝග තියනව, දෙන්න දෙමහල්ලෝ සමගී උනා නම් හා සමගියෙන් ඉන්න බව කරුණු කාරනා මගින් අධිකරණයට ඔප්පු උනෝත්, පසු අවස්තාවක කැමති නම් වෙනස් කිරීමට, සුලු වශයෙන් වෙනස් කිරීමට ප්‍රත්‍යදීශ්ඨ කිරීමට ඉල්ලීම් අධිකරණයට ඉදීපත් කල හැකීයී එය අධීකරනය සමාලෝචනය කරනවා.

*ඒත් එලෙස වෙනස් කිරීමට කරන ඉල්ලීම ස්වෙච්චාවෙන් කරන බව අධිකරණ බලනවා මොකද බලපැම් කරල එහෙම වෙනස් කරවා ගන්න අධිකරණය දෙන්නේ නැ. *

***මෙහී නඩු විභාගයේදී සාක්ෂී අඥා පනතේ කුමක් සඳහන් වුවද බිරිඳගේ සාක්ෂීය පුරුශයාට එරෙහීවත් පුරුශයගේ සාක්ෂීය බිරිඳට එරෙහීවත් බාර ගනී එමෙන්ම සාක්ශී කරුවන් කැඳවීමේදී ඉල්ලුම්කාරීය කැඳවන සාක්ෂිකරුවන් අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව කටයුතු කලයුතුය. ***

**ආඥාව කිරීයත්මක් කිරීම පහැර හරීන හෝ නොකර සිටින අයකුට රුපියල් 10,000 ක දඩයක් හෝ අවුරුද්දක සිරදඬුවමක් හෝ ඒ දෙකම හෝ ලඝු ආකාරයට කරන නඩු විභාගයකින් පසු අධිකරණය ලබා දෙනවා. **

මෙම වර්ගයේ නඩු මිනිසුන්ගේ පුද්ගලික දේවල් මේව පත්තර වල මාධ්‍යවල හෝ සමාජ මාධ්‍යවල දාන්න බැ දැම්මොත් අවුරුදු 2ක සිරදඬුවම් ලැබෙනවා එහෙම නඩුවකුත් මම දන්නවා. මේක රසකර තලු මරන්න කතාවක් නෙමෙයී සමාජය මෙතෙක් හිතුවට වඩ වෙනස්ව හිතලා ප්‍රචණ්ඩත්වය අපේ සමාජයෙන් ඉවත් කරන්න ගන්න උත්සාහයක් මිස මේක කාගේවත් වරදක් නෙමෙයි මොකද අපි කවුරුත් අඩු වැඩි වශයෙන් මේ වරදවල් කරනවා

නීතීඥ ලක්ෂාන් ඩයස්

Related posts