‍ආසන පටි නොපැලද මෝටර් රථයක පිටුපස අසුනේ ගමන් කිරිම හේතුවෙන් බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක්ට එරට පොලිසිය විසින් දඩ නියම කර තිබෙනවා.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සිය මෝටර් රථයේ ගමන් කරමින් සිටින විටදී රූගත කරන ලද වීඩියෝවක් සමාජ මාධ්‍ය මුදා හැර තිබු අතර එහිදී ඔහු ආසන පටි නොපැලද සිටිය බවට හෙලිවුවා.

ඒ සම්බන්ධයෙන් එරට සමාජය තුල විශාල කතිකාවතක් ඇතිවුයේ අගමැතිවරයා සිදුකළ වරද ගැන එරට ජනතාව දිගින් දිගටම කතා කිරීමත් සමගයි.

මේ සම්බන්ධයෙන් පසුව එරට පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර පසුව බ්‍රිතාන්‍යය අගමැතිවරයා රථ වාහන ආඥා පනත උල්ලංඝණය කර ඇති බවට ප්‍රකාශ කර සිටියා.

පොලිසිය විසින් බ්‍රිතාන්‍ය අගමැතිවරයාට දඩ පැනවීමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

 

Similar Posts