75 වන ජාතික නිදහස් දින සැමරුම උළෙල මේ වන විට කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය ආරම්භ වීය.

75 වන ජාතික නිදහස් දින සැමරුම පැවැත්වෙන්නේ නමෝ නමෝ මාතා – සියවසට පියවරක් යන තේමාව යටතේයි. නිදහස් දින සැමරුමට සමගාමීව ආගමික හා සංස්කෘතික වැඩසටහන් රැසක්ද පැවැත්වුණි.

මෙවර නිදහස් දින ආචාර පෙළපාලිය සදහා ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරින් ඇතුළු සෙසු නිලයන් 3,284 දෙනෙකු සහ සන්නද්ධ රථ 179 ක්, නාවික හමුදාවේ 867 දෙනෙකු සහ සන්නද්ධ රථ 52 ක් සහභාගි වනවා.

ගුවන් හමුදාවේ නිලධාරින් සහ සෙසු නිලයන් 695 ක් සන්නද්ධ රථ 109 ක් සහ පොලිසියේ 336 දෙනෙකු මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ 220 දෙනෙකු සහභාගි වීමට නියමිතයි.

සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් 437 දෙනෙකු මෙවර නිදහස් දින ආචාර පෙළපාලිය සඳහා සහභාගි වනවා.

යුධ හමුදාවේ 3,284 දෙනෙකු, නාවික හමුදාවෙන් 867 දෙනෙකු සහ ගුවන් හමුදාවෙන් 695 දෙනෙකු මෙවර නිදහස් දින පෙළපාලියට එක්වනවා.

නිදහස් දින උත්සවයට සහභාගි වීම සදහා බංග්ලාදේශ විදේශ අමාත්‍ය අබ්දුල් මූමල්, නේපාල විදේශ අමාත්‍ය ආචාර්ය බිමාලා රායි පෝද්යාල් දිවයිනට පැමිණ තිබෙනවා.

මේ අතර, ජපන් විදේශ අමාත්‍ය සන්ෂුකේ ටකේ, මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා ශහීඩ් සහ භූතාන අධ්‍යාපන සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ජායි බීර් රායි ද මෙරටට පැමිණ ඇති බවයි විදේශ අමාත්‍යාංශය සදහන් කළේ.

Similar Posts