වලයාකාර සූර්යග්‍රහණයක් අද(21) දිනයේදී ශ්‍රී ලංකා වාසීන්ට අර්ධ සූර්යග්‍රහණයක් ලෙස නිරීක්ෂණය වන බව ආතර් සී. ක්ලාක් ආයතනය දන්වයි.

අර්ධ සූර්යග්‍රහණයේ ආරම්භක අවස්ථාව  පෙරවරු 10.23 පමණ දිස්වන්නේ යාපනය ඩෙල්ෆ්ට් දූපත් ආශ්‍රිත ප්‍රදේශයටයි.

අර්ධ සූර්යග්‍රහණයේදී චන්ද්‍රයාගෙන් සූර්යාගේ මුහුණත ආවරණය වීමේ උපරිමය සියයට 24කි.

එය කයිට්ස්, කන්කසන්තුරේ, වැල්වැටිතුරෙයි, පේදුරු තුඩුව යන ප්‍රදේශවලට දිස්වනු ඇති.

කොළඹ ප්‍රදේශයට මෙම සූර්යග්‍රහණය පෙරවරු 10.29 ට ආරම්භ වී පෙරවරු 11.51 වනවිට උපරිමයට ළඟා වී, පස්වරු 1.19 ට පමණ අවසන් වනු ඇතැයි ආතර් සී. ක්ලාක් ආයතනය සඳහන් කළේය.

Similar Posts