අවිවාහක පුද්ගලයින්ට නීත්‍යානුකූලව දරුවන් බිහිකිරීමේ අවසරය ලබාදීමට සිචුආන් පළාතේ සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. ඔවුන්ට ඒ සඳහා සෞඛ්‍ය කොමිසම හමුවේ ලියාපදිංචි වීමේ අවස්ථාව ලබාදී තිබෙනවා.

ඒ අනුව විවාහක පුද්ගලයින් සඳහා හිමිවන වරප්‍රසාද අවිවාහක පුද්ගලයින්ට ද හිමිවනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 1980 වසරේ සිට 2015 දක්වා චීනය රජය විසින් ක්‍රියාත්මක කළ දරුවන් දෙදෙනෙකු පමණක් යන ප්‍රතිපත්තිය එරට ජනගහනය පහළ යාම සඳහා දැඩි බලපෑමක් එල්ල කර ඇති බව විශ්ලේශකයින් පෙන්වා දී තිබෙනවා.

දශක 04 කට අධික කාලයක් පුරා ක්‍රියාත්මක කළ උපත් පාලන ප්‍රතිපත්තිය වෙනස් කිරීමට චීනය තීරණය කර තිබෙනවා. ඒ, එරට උපත් අනුපාතය මෙන්ම ජනගහනය ද වාර්තා ගත ලෙස පහළ ගොස් ඇති පසුබිමක් තුළයි.

 

 

 

Similar Posts