පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට රට මුහුණදෙන මෙම අභියෝගකාරී අවස්ථාවේ අකාලික බුද්ධ දර්ශනය සැනසීමේ මූලාශ්‍රයක් බවට පත්ව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

අදට යෙදී ඇති වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් විශේෂ සුබ පැතුම් පණිවුඩයක් නිකුත් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

ඒ, අනුව මෙම අසීරු කාල සීමාව පසුකර සාමාන්‍ය ජන ජීවිතයක් උදාකර ගැනීමේ අභියෝගය ජයගැනීම සඳහා බුදුන් වහන්සේ වදාළ පරිදි සමගියෙන් හා විශ්වාසයෙන් එක්වීම අත්‍යවශ්‍ය බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

බෞද්ධ දර්ශනයේ දක්වා ඇති පරිදි මෛත්‍රිය (මෙත්තා), කාරුණිකබව (කරුණා), මෘදුබව (මුදිතා) සහ උපේක්ෂා සහගතබව (උපේක්ඛා) යන සතර බ්‍රහ්ම විහරණ අනුගමනය කරමින් අප එම මාර්ගයේ ගමන් කළ යුතු බව ද ජනාධිපතිවරයාගේ වෙසක් දින පණිවුඩයේ සඳහන්.

ඉසුරුමත් ශ්‍රී ලංකාවක් නැවත ගොඩනැගීම සඳහා බුදුන් වහන්සේගේ ඉගැන්වීමට අනුව සහයෝගයෙන් සහ එකමුතුකමින් පෙළ ගැසෙන ලෙස මෙම පිංබර දිනයේ දී මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටින ජනාධිපතිවරයා, අවිද්‍යාවේ අඳුර දුරුකර ශ්‍රී ලංකාව පුනරුද මාවතට යොමු කිරීමට මෙම වෙසක් සැමරුම ආශිර්වාදයක් වේවායි සිය වෙසක් දින සුබපැතුම් පණිවුඩයෙන් ප්‍රාර්ථනා කරයි.

Similar Posts