අයවැයෙන් ගොවියන්ට කිසිදු සහනයක් නොලැබුණු බවත්, ගංජා වැවිම සොයා බැලිමට කම්ටුවක් පත් කිරිමට ජනාධිපතිවරයා යොජනා කර ඇති බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපතිවරයා පවසයි.

අයවැයෙන් දේශිය ගොවියාට කිසිදු සහනයක් ලබානොදි මෙරට තුල ගංජා වැවිම සම්බන්ධයෙන් සොයා බැලිමට කමිටුවක් පත් කිරිමට ජනාධිපතිවරයා යෝජනාවක් ඉදිරිපත් කිරිම තුලින් මෙරට ගොවියා එලවළු වගාවෙන් ඉවත් වි ගංජා වගා කිරිමට සිදු වන බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023 වසර සදහා (14) දින ඉදිරිපත් කල අයවැය යෝජනාව සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් අරුණ ශාන්ත හෙටිට්ආරච්චි මහතා ඒ බැව් පැවසිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අරුණ ශාන්ත හෙටිට්ආරච්චි මහතා කියා සිටියේ
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලයේ ගොවියා පාරට වැට්ටුවා , ගොවියා දැන් ඔළුළු ටිකක් උස්සගෙන එද්දි අපි හිතුවා හොද අයවැයක් ඉදිරිපත් කරයි කියලා. නමුත් ඒක වෙලා නැ.
මම දිස්ත්‍රික් ලේකම්වරයා සහ විෂය භාර ඇමතිවරයා සමග සාකච්ඡා කරා පොඩි ගොවියාට සහනයක් වන වැඩ පිලිවෙලක් දියත් කරන්න කියලා.

ගොවියා කවදාවත් සහනාදාර ඉල්ලලා පාරට බැස්සේ නැ , අපි හිතුවා මෙම අයවැයෙන් ගොවියාට සහනයක් ලැබෙයි කියලා.
පොහොර ටික , බිජ ටික අඩු කරලා දෙන එක තමයි අපි රජයෙන් බලාපොරොත්තු වෙන්නේ.
ඉදිරිපත් කල අයවැයෙන් ගොවින් පිලිබදව කිසිවක් සදහන් කරලා නැ , ගිය ආණ්ඩුවෙන් ගත්ත අසාධාරණ තින්දු නිසා ගොවියාට ,ව්‍යාපාරිකයාට වැඩ කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා.

පොහොර , බිජ සියල්ල අහස උසට මිල ඉහල ගිහින් ගොවියාට ගොවිතැන් කරන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා.
අයවැයෙන් ගංජා වවන්න සුදුසුද යන්න සොයාබැලිමට කමිටුවක් පත් කරලා තියෙනවා , ඊට පස්සේ අපිට වෙන්නෙත් ගොවිතැනෙන් ඉවත් වෙලා ගංජා වවන්න තමයි.

පස්සේ වෙන්නේ එලවළු ටික රටින් ගෙන්න , මම විෂය භාර ඇමතිවරයාට කිව්වා පොඩි ගොවියට ගොවිතැනෙන් ඉවත් වෙන්න ඉඩ දෙන්න එපා කියලා , එතකොට මහ පරිමාණ ගොවියා ඒකාධිකාරිය හදා ගන්නවා කියලා.

මෙවර අයවැයෙන් කිසිදු දෙයක් සදහන් කරලා නැ ගොවියන් පිලිබදව ගොවියෙක් හැටියට මම ඒ ගැන කණගාටුව පල කරනවා.

අපි රජයට කියන්නේ සහනදායි මිලට පොහොර , බෙහෙත්, බිජ ටික ගොවියාට ලබාදෙන්න , මේවා ගෙන්වන සමාගම් ඒකාධිකාරියක් හදාගෙන මිල අහස උසට වැඩි කරලා තියෙනවා.
අල හොන්ඩරයක් රු 35000 ට යනවා , හැබැයි ඒවාගේ ගුණාත්මක තත්ත්වයක් නැ.
අත ඇරලා දාපු රජයේ ගොවිපොලවල් තියෙනවා , එවා ගොවින්ට ලබාදුන්නොත් අවශ්‍ය අර්තාපල් බිජ නිෂ්පාදනය කරන්න පුළුවන්.

විදේශ රටවල් වලට යන අපේ මුදල් ඉතුරු කරගන්න පුළුවන් , මේවා ශක්තිමත් වුනොත් ලංකාවේ ආර්ථිකට නිකම්ම ශක්තිමත් වෙනවා යනුවෙන් පැවසිය.

රංජිත්

https://sinhale.aboutceylon.com/

Similar Posts