විවිධ කරුණු අරඹයා ඉඩම් අත්පත් කර ගැනීම හේතුකොට ගෙන මේ වන විට ජනතාවගේ ඉඩම් අක්කර 75573ක් ඔවුන්ට අහිමි වී ඇති බවත් ඒ හේතුවෙන් මේ වන විට අවතැන් වී ඇති පවුල් සංඛ්‍යාව 38455ක් බවත් පරිසරවේදී සජීව චාමිකර මහතා පැවසීය. ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ඉදිරියට යෝජිත විවිධ ව්‍යාපෘති හා විවිධ කාරණා වලදී අත්පත් කර ගැනීමට නියමිත ජනතාවගේ ඉඩම් ප්‍රමාණය අක්කර 146,931ක් බවයි.

මෙම අදහස් ඒ මහතා ප්‍රකාශ කළේ ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය (MONLAR) හා ඉඩම් අයිතිය සඳහා ජනතා සන්ධානය (PARL) එක්ව අද දින (28) කොළඹ පදනම් ආයතනයේදී  “ආණ්ඩු මාරුවෙන් නොවිසඳෙන ඉඩම් ගැටලුවේ සුලමුල” යන තේමාවෙන් පැවති මහජන සම්මන්ත්‍රණය අමතමිනි.

ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ආණ්ඩුව, ආයෝජකයන්, ණය ලබා දෙන්නන්, කෘෂි ව්‍යාපාර සමාගම් හා සංචාරක සේවා සමාගම් එමෙන්ම ආයෝජන රටවල රාජයන් මෙම ඉඩම් කොල්ලයේ පාර්ශවකරුවන් වන බවයිි. එමෙන්ම ලංකාවේ මෙම ඉඩම් කොල්ලය ආරක්ෂක කඳවුරු ඉදිකිරීම, රක්ෂිත ප්‍රකාශයට පත් කිරීම, ආයෝජන ව්‍යාපෘති, සංවර්ධන ව්‍යාපෘති, විවිධ ව්‍යාපෘති හා වෙනත් කාර්යයන් සදහා සිදු වන බවයි.

මෙම අවස්ථාවේදී “ශ්‍රී ලංකාවේ ගැමි ඉඩම් අපහරණයට රාජ්‍ය මැදිහත්වීම” නම් කෘතිය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම එළි දැක්වීමද සිදු වුණි.

 

Similar Posts