suwasariya

සෞඛ්‍යයට වෙන් කරන මුදල් වලින් සුවසරිය පවත්වාගෙන යෑමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කල යුතු බවත් වර්තමානය වන විට ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටුකරන සුවසරිය පවත්වාගෙන යා නොහැකි තරමට අර්බුදයට හෝස් ඇති බවත් හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එතුමා වැඩිදුරටත් සදහන් කලේ දිනකට රෝගීන් දහස් ගණනකට සේවා සපයන සුව සැරිය ගිලන් රථ සේවය මුදල් නොමැතිකමින් පවත්වාගෙන යාම අසීරු වී ඇතැයි.

සුවසැරිය වෙනුවෙන් මිලියන 220 ක අත්‍යවශ්‍ය වියදමක් කළ යුතුව තිබෙන බව කී හර්ෂ ද සිල්වා මහතා සුවසැරිය ගිලන් රථ සර්විස් කර ගන්නටවත් නොහැකි වී තිබෙන බව සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වු මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ සුවසැරිය ගිලන්රථ සේවය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර කටයුතු කරන බවයි.

වෙළඳපොලේ වාහන උපාංග හිඟයක් ද පැවතීම අදාල ගිලන් රථ අලුත්වැඩියා කටයුතු සඳහා බලපානවා විය හැකි බවද සේමසිංහ මහතා කීය.

Similar Posts