badweather

ඉදිරි පැය 48 තුලදී පවතින වැසි තත්ත්වය වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය මේ වනවිට අඩු පීඩන කලාපයක් දක්වා තවදුරටත් වර්ධනය වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එබැවින්, රාත්‍රී කාලයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා.

උතුරු, උතුරුමැද, නැගෙනහිර, සබරගමුව සහ දකුණු යන පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ද අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Similar Posts