කැලිෆෝනියා රජය විසින් 2023 වසරේ සිට සත්ත්ව හමෙන් කළ සියලුම නිෂ්පාදන තහනම් කිරිමට පියවර ගෙන තිබේ.

එමෙන්ම සතුන් සර්කස් සංදර්ශන සඳහා යෙදවීම කෙරෙහිද අවධානය යොමු කර ඇති කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් විසින් ඒ සඳහා වන පනතකටද අත්සන් තබා ඇත. ඒ අනුව සර්කස් සංදර්ශන සඳහා සුනඛයින්, බළලුන් හා අශ්වයින් පමණක් යොදා ගත හැකි අතර සෙසු සත්ත්වයින් යොදා ගැනීම තහනම් කිරිමට පියවර ගනු ඇත.

මෙම නීති කඩ කරන අයෙකුට පළමු වතාවට ඩොලර් 500 ක්ද දෙවන වතාවට කළහොත් ඩොලර් 1000 ක්ද ගෙවීමට සිදු වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙලෙස සත්ව අයීතින් සුරැකීම වෙනුවෙන් සත්ත්ව හමෙන් සියලු නිෂ්පාදන තහනම් කළ ප්‍රථම ඇමරිකානු ජනපදය බවට කැලිෆෝනියාව පත් වේ.

Similar Posts