ඇඟේ රුධිරය ශ්‍රි ලාංකික වුණාට ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා ගත් තවත් පුරවැසිකමක් ඇති හෙයින් ඔහු දෙමුහුන් පුරවැසියෙක් හෙවත් හයිබ්‍රිඩ් පුරවැසියෙක් බව මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ ඔහු ඇමරිකානු පුරවැසිභාවය නීත්‍යානුකූලව ඉවත් කර ගත් බවට නිවැරදි ලේඛණ මෙතෙක් ඉදිරිපත් කර නොමැති බවත් ඔහු නව ගමන් බලපත්‍රය ලබා ගැනිමේදි පවා පුරවැසිභාවය අත්හළ බවට ලේඛන ඉදිරිපත් කර නැති බවට සාක්ෂි හමු වන බවද ඒවා අපරාධ පරික්ෂණ බී වාර්තා වල සඳහන් බවද ඔහු පවසයි.

ද්විත්ව පුරවැසියෙකු ලෙස ඔහු පිළිගන්නේ නැතිනම් ඇතැම් විට ඔහු හයිබ්‍රිඩ් පුරවැසියෙකු විය යුතු බවට සැකයක් පවතින බවද ඔහු උපතින්ම ශ්‍රි ලාංකික බව දන්නා බවත් නමුත් ඔහු ශ්‍රි ලාංකික පුරවැසිභාවය අත්හල අයෙකු වීම මෙහිදි ගැටලුව බවද මහාචාර්යවරයා පවසයි.

Similar Posts