රාජපක්ෂ පවුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ඇල්ලීමේ කුමන්ත්‍රණයකය නියැලී සිටින බවත්, ගෝඨාභය රාජපක්ෂ වැරදීමකින් හෝ බලය ලැබුවහොත් ඔහුට නිදහස් පක්ෂයේ නායකත්වය ලබාදීමට සිදුවන බවත් ඔහු පැවසීය.

මෛත්‍රීපාල සිරිසේනට පක්ෂ නායකත්වය සහ සභාපති ධූරය පිරිනැමීමට සිදුකළ අතුරු ව්‍යවස්ථාව අනුව නිර්පාක්ෂිකව මැතිවරණයට ඉදිරිපත් වූ අයෙකු ජනාධිපති ලෙස පක්ෂයට එක්වුවහොත් ඔහුට පක්ෂ නායකත්වය හිමිවන බවත් ඒ අනුව පක්ෂ දෙකක නායකත්වය රාජපක්ෂ පවුල සතුවන බවත්, ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියත ලෙසම බෝඩ් ලෑල්ලවත් ඉතිරි නොවන තැනට පත්වීම අනිවාර්යයක් බවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම අපේක්ෂකයකු මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී නොමැති බැවින් ඕනෑම අයෙකුට ජන්දය ලබාදීමට හැකි බවත් නමුත් පක්ෂයේ ආරක්ෂාව වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ හැර ඕනෑම අයෙකුට ජන්දය ලබාදෙන ලෙසත්, අපේක්ෂිත ප්‍රතිඵලය ලැබුණහොත්, පක්ෂය ශක්තිමත් කරනවා පමණක් නොව, චන්ද්‍රිකාට විනය පරීක්ෂණ තියන්න බලා සිටින එහෙට මෙහෙට පැන පැමිණ සිටින මහ ලේකම් දයාසිරිගේ කනෙන් අල්ලා එළියට දමන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති කුමාර වෙල්ගම මහතා පැවසීය.

කුමාර වෙල්ගම මහතා  මේ බව පැවසුවේ අපි ශ්‍රී ලංකා සංවිධානය විසින් සංවිධානය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීම වෙනුවෙන් ඊයේ (5) දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති සමුළුව අමතමින්ය.

Similar Posts