postal-election

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (05) සිට ආරම්භ වේ.

මැතිවරණ කොමිසම පැවසුවේ, තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අවසන් වන්නේ, ලබන 23 වැනි දා මධ්‍යම රාත්‍රී 12.00 ට බවයි.

මේ අතර ලබන පළාත් පාලන මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමේ අරමුණින් පිළිගත් ලියාපදිංචි සියලු දේශපාලන පක්ෂ නායකයින් කැඳවීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

එම කොමිසම සඳහන් කළේ, ලබන 11 වැනි දා පෙරවරුවේ මෙම හමුව පැවැත්වෙන බවයි.

Similar Posts