පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් නිදහස් ජනතා සන්ධානය නමින් නව සන්ධානයක් පිහිටු වීම ඊයේ (11) සිදු කෙරුණේ ය.

මෙම නව සන්ධානය සඳහා දේශපාලන පක්ෂ 12ක් සහ පාර්ශව 62 සහභාගීත්වය හිමිව තිබේ.

මෙම සන්ධානයෙහි ලකුණ ‘හෙලිකොප්ටරය’ වේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතීත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, පොදුජන පෙරමුණේ වෙන්වූ ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල් මහතාගේ ඇතුළු නිදහස ජනතා සභාව, විමල් වීරවංශ මහතා සභාපතීත්වය දරණ ‘උත්තර ලංකා සභාගය’, අනුර ප්‍රියදර්ශන යාපා, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටිති.

Similar Posts