නොබැඳි ව්‍යාපාරයේ 18 වැනි සමුළුවල ර්‍ණසමකාලීන ලෝකයක අභියෝගයන්ට සාමූහිකව ප්‍රමාණවත් ලෙස ප්‍රතිචාර දැක්වීම සහතික කිරීම සඳහා බැන්ඩුං මූලධර්ම සුරැකීම” යන තේමාව යටතේ අද (25) දින අසර්බයිජානයේල බාකු නුවරදි ආරම්භ විය.

මෙම සමුළුවට සහභාගී වන ශ්‍රී ලාංකික නියෝජිත කණ්ඩායමට නායකත්වය දෙමින්ල විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ඉකුත් 22 දින අසර්බයිජානයේල බාකු නුවර වෙත සම්ප්‍රාප්ත විය.

නොබැඳි ව්‍යාපාරයේ නව අසර්බයිජාන සභාපතිත්වය යටතේ මෙය අද හා හෙට පැවැත්වේග සමුළුවට පෙරාතුව පැවැත්වෙනල කටයුතු සූදානම් කිරීමේ අමාත්‍ය මට්ටමේ රැස්වීමට අමාත්‍ය මාරපන මහතා සහභාගී විය.

ශ්‍රී ලංකාව 1955 බැන්ඩුං සමුළුවේ සම අනුග්‍රාහකයකු වන අතරල නොබැඳි ව්‍යාපාරයෙහි ආරම්භක සාමාජිකයෙකිග පසුගිය දශක හය තුළ දී මෙම කණ්ඩායම අඛණ්ඩ ප්‍රගතියක් අත්කරගෙන ඇති අතරල මේ වන විට එහි සාමාජිකත්වය 120 ඉක්මවා ඇත.

ශානි පොල්ගම්පල

Similar Posts