රට දැඩි අර්බුදයකට පත්ව තිබෙන අවස්ථාවකයි මෙම පලාත් පාලන මැතිවරණය පවත්වන්නේ අද වන විට පළාත් පාලන බොහෝමයකින් එම ප්‍රදේශයන්ට නිසි සේවයක් සිදු වන්නේ නැහැ වීශේෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමහර පළාත් පාලන ආයතනවලින් එම ප්‍රදේශයන්ට නිසි සේවයක් සිදු නොවිම හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත් වෙලා ඉන්නේ.

ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ප්‍රධාන ලේකම් ජිවන් ජිවරාජන් මහතා මේ බව පවසන ලද්දේ එම පෙරමුණින් අඹගමුව ප්‍රාදේශීය සභාවට තරග වදින අපේක්ෂකයන් හදුන්වාදිමේ හමුවක් අමතමිනි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ජිවරාජන් මහතා වතුකරය ආශ්‍රිත පලාත් පාලන ආයතනවලින් එම ප්‍රදේශයන්ට නිසි සේවයක් සිදුවනවාද යන්න අද ප්‍රශ්නයක් මෙම ප්‍රදේශවල කුණු කසල ටික නිසි ලෙස ඉවත් කරන්නේ නැහැ අබලන් තත්වයේ පවතින මාර්ග නිසි ලෙස නවිකරනය කරන්නේ නැහැ මෙම තත්වයන් මත එම ප්‍රදේශවල ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත් වෙලා ඉන්නේ.
එමෙන්ම සමහර පලාත් පාලන සභිකයන් ඔවුන්ගේ හිතවතුන්ගේ නමින් එම පලාත් පාලන ආයතනවල විවිධ සංවර්ධන කටයුතුවල කොන්ත්‍රාත් කිරිම හේතුවෙන් මහජන මුදල් නිකරුනේ වැය විමක් මිස එම සංවර්ධණ කටයුතු නිසි ලෙස සිදු වන්නේ නැහැ.

මෙම තත්වයන් තුල එම අකටයුතුකම්වලට එරෙහිවිමට ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ මෙවර නුවරඑළිය දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන කිපයකට මෙන්ම අම්පාර, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්වල පලාත් පාලන ආයතන කිපයකටත් තරග කිරිමට පියවර ගෙන තිබෙනවා.
මෙහිදි අඹගමුව ප්‍රාදේශීය සභාව සදහා තරග වදින අපේක්ෂකයන් වන රාම් චන්ද්‍රමෝහන්, ගනේෂ් ධනුස්ෂිකා ඇතුළු තවත් කිප දෙනකුම කතා කරන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts