mathiwarana komisin sabawa

පළාත් පාලන ආයතන 163 ක් සඳහා මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පිළිගත් දේශපාලන පක්ෂවලින් ඇප මුදල් තැන්පත් කර ඇති පළාත් පාලන ආයතන සංඛ්‍යාව 143 කි.

පළාත් පාලන ආයතන 20 ක් සඳහා ස්වාධීන කණ්ඩායම් ද ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.

පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් තැන්පත් කිරීමේ කාලය ලබන 20 වැනිදා දහවල් 12 න් අවසන් වීමට නියමිතයි.

Similar Posts