nihalnelsan

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය.

මියයන විට ඔහු 76 හැවිරිදි වියෙහි පසුවිය. නැසී ගිය මාලි නෙල්සන් මහත්මියගේ  සැමියා වූ ඔහු තරංග නෙල්සන් මහතාගේ පියානන්ද වේ

2013 මාර්තු මස 15 වන දින ඔහුගේ 50 වසරක ගායන දිවිය සමරමින් “අවුරුදු 50යි, නිහාල් ඇවිත්” ප්‍රසංගයක් මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 2015 දී නෙල්සන්ට ‘මොරටුපුර රත්නවිභූෂණ’ සම්මානය පිරිනමන ලදී. 2021 ජනවාරි මාසයේදී ප්‍රවීණ ගායකයාගේ නමින් ඔහුගේ උපන් ගම වන මොරටුව රාවතාවත්තේ තුන්වන පටුමග නම් කෙරිණි.

‘සොමියට වරෙන් පුතා අගුල් දාලා නෑ දොරේ’, ‘කුක්කු කූ කූ කුකුළ අඬනවා’, ‘කිරිදුන්නේ දරුවන්ටයි’, ‘කරුණා සුවඳ තවරාලූ’, ‘කාවඩි බයිලා’, ‘සල්ලි මිටි ගණන්’ ආදී ගීත රැසක් ඔහු විසින් ගායනා කර ඇත.

දේහය අංක 17 නිහාල් නෙල්සන් මාවත රාවතාවත්ත මොරටුව නිවසේ අද (13) පස්වරුවේ තැන්පත් කෙරෙන අතර, අවසන් කටයුතු පිළිබඳ දැනුම් දෙනු ලැබේ.

Similar Posts