parli

පාර්ලිමේන්තුවේ 35 දෙනෙකු පසුගිය 31 වෙනිදා විශ්‍රාම ගොස් ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.විශ්‍රාම ගිය පිරිසට අංශ ප්‍රධානීහු කිහිප දෙනෙක්ද ඇතුළත් වූහ.

රජයේ සේවකයන්ගේ විශ්‍රාම යන වයස් සීමාව 60 දක්වා සීමා කිරීමට රජය පසුගියදා ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය. පාර්ලිමේන්තුවේ මේ පිරිස විශ්‍රාම ගියේ ඒ අනුව බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

වයස 60 සම්පූර්ණ වන පාර්ලිමේන්තුවේ තවත් සේවකයන් පිරිසක් මේ වසරේදී විශ්‍රාම ගැනීමට නියමිත බවද පාර්ලිමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.

වයස 60 සම්පූර්ණවූ රාජ්‍ය සේවකයන් තිස් දහසකට ආසන්න පිරිසක් පසුගිය 31 වෙනිදා විශ්‍රාම ගියහ.

Similar Posts