books

පාසල් පොත් හා පාසල් උපකරන මිල ඉහල යාම හේතුවෙන්  බොහෝ පාසල්වල සිසුන්ගේ පැමිනිම පහල මට්ටමකට වැටි ඇති බව විදුහල්පතිවරුන් කිප දෙනකුම පවසති.

තම අනන්‍යතාවයන් හෙලි නොකරන ලෙස ඉල්ලමින් මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම පිරිස පවසනුයේ ජනවාරි මාසයේ පාසල් ආරම්භයත් සමග තම පාසල්වලට පැමිනෙන සිසුන්ගේ යම් අඩුවිමක් දක්නට ලැබුන බවත්ය.

එම තත්වයන් පිලිබදව සොයා බැලිමේදි පවතින ආර්ථික අර්බුද හමුවේ එම දරුවන්ට අවශ්‍ය පාසල් පොත් හා පාසල් උපකරණ ලබා දිමට එම දරුවන්ගේ දෙමාපියන්ට නොහැකිවිම මත එම දරුවන් පාසල් නොපැමිනෙන බවද ඔවුන් පවසති.

නාගරික ග්‍රාමිය මට්ටමට වඩා මෙය වතුකරය තුල දැඩි ලෙස පවතින බවත් මේ වන විට වතු කම්කරුවන්ගේ ආර්ථිකය දැඩි ලෙස පසු බැසිමකට ලක් විමෙන් වතුකරයේ දරුවන්ගේ පාසල් පැමිනිමට විවිධ බාධා එල්ලවි ඇති බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts