indonesia-earthquake

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ සිදු වූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සහ තුවාලකරුවන් සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ වන විට මරණ 162ක් වාර්තා වී ඇති අතර තුවාලකරුවන් 13,000ක් පමණ වාර්තා වී තිබේ.

කෙසේ වෙතත් මියගිය සහ තුවාලකරුවන් සංඛ්‍යාව නිෂ්චිතව සඳහන් කළ නොහැකි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සුන්බුන් අතර සිරවී සිටින පිරිස බේරාගැනීම සඳහා සහන කණ්ඩායම් යොදවා ඇති බව වාර්තා වේ.

රික්ටර් මාපකයේ ඒකක 5.6 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනය චියෑන්ජූර් නම් කලාපය කේන්ද්‍ර කොට සිදුව තිබුණි.

.

Similar Posts