anulakulama

මිහින්තලේ අනුලාතිස ස්ථූපය සහ ඒ අවට සිදුකළ කැනීම්වලින් ඓතිහාසික පුරාවස්තු රැසක් හමුව ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පසුගියදා සිදුකරන ලද මෙම කැණීම් තුලින් මැටි මංජුසා, හමුවූ අතර එම මැටි බඳුන් තුළ තිබී ලෝහමය ආභරණ හා පපලු වර්ග මෙන්ම පුළුස්සන ලද අස්ථි කැබලි ආදී ‌ෙඑතිහාසික වස්තූන් හමුවී ඇත. මෙම අස්ථී කැබලි රහතන් වහන්සේලාගේ භෂ්මාවශේෂ ලෙසින්ද සැකයක් මතුවී ඇත.

මෙම ස්ථූපයේ අවසන් අදියරේ කැණීම් කටයුතු සිදුකෙරෙමින් පවතින අතර මීට පෙර පළිඟු කරඩුවක කොටස්ද, ශිලා මංජුසාවක්ද, විවිධ ප්‍රමාණයේ, විවිධ වර්ධයෙන් යුත් හා විවිධ හැඩයෙන් යුත් පබළු වර්ගද හමුවී තිබිණ. මෙම අනුලාතිස ස්ථූපය මිහින්තලේ මරදන්කුලම, පුවරසන්කුලම (ශ්‍රමදාන මාවතේ) පිහිටා ඇත.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග සඳහන් කළේ මෙම භූමියේ තවදුරටත් කැනීම් සිදුකොට සංරක්ෂණ කටයුත සිදු කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බවයි.

Similar Posts