thejani-gunarathna

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ වසර 168 ඉතිහාසය තුළ ප්‍රථම වතාවට නිවුන් සොහොයුරියන් දෙදෙනෙක් එකම අවස්ථාවකදී ආචාර්ය උපධිය ලබා ගෙන ඇත.මෙම සොහොයුරියන් දෙදෙනා ශ්‍රී ලාංකික තරුණියන් වන අතර ඔවුන් නමින් නදීශා ගුණරත්න සහ තේජානි ගුණරත්න නම් වේ.

ලෝක නිවුන් දිනයට දවසකට පෙර ඉකුත් 17 වැනිදා මෙම ශ්‍රී ලාංකික නිවුන් සොහොයුරියන් දෙදෙනා තම ආචාර්ය උපාධිය ලබා ගෙන ඇත.ආහාර විද්‍යාව හා තාක්ෂණවේදය පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් හැදෑරීමෙන් පසුව මොවුන් දෙදෙනා 2016 වසරේදී මෙලබර්න් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හැදෑරීම ආරම්භ කර තිබේ.

තේජානි ගුණරත්න ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥවරියක ලෙස කටයුතු කරන අතර නදීෂා ගුණරත්න අධ්‍යයන විද්‍යාඥවරියක ලෙස කටයුතු කරමින් සිටී.

Similar Posts