රජය අවස්ථාවක් ලබා දෙන්නේ නම් සතියක් ඇතුළත ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම අහිතකර වීමට ඉඩ නොදී පාලනය කරන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

තමා බලයේ සිටියහොත් ඩෙංගු මර්දන ඒකකයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමඟ කතා කරන බවද ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කරයි.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක් වූ මර්වින් සිල්වා මහතා…

“දැන් වෙලා තියෙන්නේ දේශපාලකයෝ වැඩසටහනට සම්බන්ධ නොවීමයි, වත්මන් සෞඛ්‍ය ඇමැතිතුමා මගේ හොඳ මිත්‍රයෙක්, එතුමාට මොනවා වෙලාද කියලා මම දන්නේ නැහැ, ඇමැතිවරයෙක් විදියට එතුමාගේ බලය පාවිච්චි කරලා ව්‍යාප්තිය පාලනය කරන්න ඕන. ඩෙංගු රෝගය, සියලුම නිලධාරීන් වට මේසයකට ගෙන්වා ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමට සති දෙකක කාලයක් පමණක් ලබාදිය යුතුයි.

වැඩසටහනට අත්‍යවශ්‍ය දේවල් ඇමතිතුමා ලබා දිය යුතුයි. මම බලයේ ඉන්නකොට ඒක කළා. එක පුද්ගලයෙක් විරුද්ධ වුණා. දැන් ඩෙංගු වසංගතයක් බවට පත්වෙමින් තිබෙනවා” ලෙසයි ඔහු පැවසුවේ.

එමෙන්ම ජනතාව අවනත නොවන්නේ නම් දැඩි තීරණ ගත යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Similar Posts