පාර්ලිමේන්තුව වර්ජනය කිරීමෙන් හෝ රට අක්‍රීය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග වලින් රටෙි පැවතන බැරෑරුම් ප්‍රශ්න වලට කිසිදු විසඳුමක් ලබා ගත නොහැකි වන බව තම ඒකායන විශ්වාසය යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පාර්ලිමේන්තුවඇතුළේත් ඉන් පිටතත් ඇතිවී තිබෙන අසමගිය නිසා ජීවිත විශාල ගණනක් සහ ජාතික සම්පත් විනාශ වී ඇති බව කියන ජයසූරිය මහතා පසුගියදා කොළඹදී පැවති පැවති විරෝධතාවයකට සහභාගී වෙමින් සිටියදී මුහුණ දීමට සිදු වූ අවාසනාවන්ත තත්ත්වයක් නිසා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී මරුමුවට පත් වූ ජාතික ජන බලවේගයේ නිවිතිගල ප්‍රාදේශීය සභා අපේක්ෂක නිමල් අමරසිරි මහතාගේ හදිසි අභාවය පිළිබඳව බලවත් ලෙස සංවේගයට පත් වන බව ද ජයසූරිය මහතා සඳහන් කරයි.

එවැනි සිද්ධීන් නැවත ඇති නොවීමට වගබලා ගැනීම රජයේත් විපක්ෂයේත් පොදුවෙි සියලු ජනතාවගේත් ජාතික යුතුකමක් බව කරූ ජයසූරිය මහතා කියයි.

සමස්ත ජාතිය ම අපේක්ෂා කරන අරමුණ ඉටුකර ගැනීමට නම් අන් සියල්ලටම පෙර එක්සත් විය යුතු බව කියන කරූ ජයසූරිය මහතා නිශ්චිත කෙටි කාලසීමාවකට හෝ දේශපාලන හෝ වෙනත් බල අරමුණු වලින් බැහැර වී සාමූහිකව කටයුතු කළ යුතු බවද එහිදී රට අරාජික කිරීමට යම් හෝ බලපෑමක් විය හැකි කිසිදු කටයුත්තකට දායක නොවීම පරම වගකීමක් ලෙස සැලකිය යුතු යුතුව තිබෙන්නේ යැයි ද ඒ අනුව කෙටි කාල සීමාවකට හෝ සටන් විරාමයක් රටට අවශ්‍ය බව බවද කරූ ජයසූරිය මහතා සිය නිවේදනය තවදුරටත් සඳහන් කරයි.

Similar Posts