ආරක්ෂක අංශ අය මෙන්ම  රාජ්‍ය නිලධාරින් තැපැල් ඡන්දය දෙන විට තමන් නැවත වහල් සේවයට යනවාද? නැද්ද? කියා දෙපාරක් සිතා බලා ඡන්දය සලකුණු කරන ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පුජ්‍ය දඹර අමිල හිමියන් පවසයි.

මැදමුලන වලව්වේ අය පුද්ගලික අය පාවිච්චි කර කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් කර නොමැති බවත් ඔවුන් 70 දශකයේ ජුලම්පිටියේ අමරේ, වම්බොට්ටලා යන අය පාවිච්චි කළා විනා සන්නද්ධ විදිහට කණ්ඩායමක් විදිහට වැඩ කළේ හමුදා ,පොලිසි පාවිච්චි කර බවත් උන් වහන්සේ පවසයි.

ආරක්ෂක හමුදාව  ඒ කාලේ කළ වැඩ වලට දැන් පිළිතුරු බඳින්නා සේ නැවතත් ඉදිරි යුගයක ඔවුන්ට කරන වැඩ වලට පිලිතුරු බැඳිමට සිදු වෙන බවත් එහෙයින් දෙවරක් සිතා ඡන්දය පාවිච්චි කරන ලෙසද උන් වහන්සේ පවසයි.

උන් වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ රාජගිරියේ පැවති මාධ්‍ය හමුවකදීය.

Similar Posts