සජිත් ප්‍රෙමදාස මහතා ලක්ෂ 10 කින් පරදින බව දැන සිට බව ඊයේ සවස (20) අරලියගහමන්දිරයේ පැවති ඒක්සත් ජාතික පෙරමුණේ අවසන් කැබිනට් මණ්ඩල රැස්වීමේ මලික් සමරවික්‍රම මහතා විසින් ප්‍රකාශ කර තිබේ. ආණ්ඩුව විසිරවීමට පෙර පැවති මෙම කැබිනට් මණ්ඩලය සදහා සජිත් ප්‍රේමදාස, මංගල සමරවීර, කබීර් හෂීම් ඇතුලු සජිත් ප්‍රේමදාස පාර්ෂවය නියෝජනය කරන මැති ඇමතීන් සහභාගී නොමැති නමුත් ඒම පාර්ශවය නියෝජනය කරමින් මලික් සමරවික්‍රම, තලතා අතුකොරල හා චන්ද්‍රණි බණ්ඩාර යන සහභාගී ඇත.

මලික් සමරවික්‍රම මහතා කළ ඒම ප්‍රකාශයත් සමගම විශාල සංවාදයක් නිර්මාණය වී ඇති අතර, සාගල රත්නායක මහතා ප්‍රකාශ කර ඇත්තේ ඒසේ දැන සිටියා නම් ඇයි සජිත් ප්‍රේමදාස මහතා මේ මැතිවරණයට ඉදිරිපත් කලේ යන්නයි. ඊට පිළිතුරැ ලබා දී ඇති මලික් සමරවික්‍රම මහතා කියා ඇත්තේ සජිත් ඉදිරිපත කරනු ලැබුවේ ‘ගැප්’ ඒක අඩු කිරීම සදහා බවත්, වෙන කෙනෙක් ඉදිරිපත් කළා නම් මීට වැඩි ප්‍රමාණයකින් පරදින බවත්ය.

Similar Posts