නෝර්ඩික් කවුන්සිලය විසින් ග්‍රේටා තන්බර්ග් දැරිය වෙත ලබා දුන් පාරිසරික සම්මානය සහ යුරෝ 40000 ක ත්‍යාග මුදල ප්‍රතික්ෂේප කර තිබේ.

ඩෙන්මාර්කය, ෆින්ලන්තය සහ තන්බර්ග් මෙනවියගේ මව්රට වන ස්වීඩනය නෝර්ඩික් කවුන්සිලයට අයත් වේ.ඇය පරිසරය  රැකගැනීම සඳහා කරන දායකත්වය වෙනුවෙන් මෙම සම්මානය ඇයට ලබා දීමට උත් තීරණය කර තිබුණි.

නමුත් ඇය මෙය ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය පැහැදිලි කරමින් පවසන්නේ දේශගුණික හා පාරිසරික ගැටලු සම්බන්දයෙන් උතුරු දිග යුරෝපීයයන් හෙවත් නොර්ඩික් රටවල් ලොවපුරා විශාල කීර්තියක් ලබා ඇති බවත් ගෝලීය උෂ්ණත්වය සීමා කිරීම සඳහා විද්‍යාව පවසන දෙය සහ ක්‍රියාත්මක වෙමින් පවතින දෙය අතර දැවැන්ත පරතරයක් තිබෙන බවත්, අප අයත් වන්නේ ඒසේ වැඩිපුරම යමක්  කළහැකි රටවල් වලට බත්ය. එහෙත් අපේ ඒම රටවල් තවමත් මූලික වශයෙන් මේ සම්බන්ධව කිසිවක් කරන්නේ නැති බවත් ඇය පවසන්නීය.

තමාට මෙම සම්මානය පිරිනැමීම පිළිබඳව නෝර්ඩික් කවුන්සිලයට ස්තූති කරන බවත් එය විශාල ගෞරවයක් බවත්  දේශගුණික ව්‍යාපාරයට තවත් සම්මාන අවශ්‍ය නොවන බවත් ඇය වැඩිදුරටත් පවසා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 

 

Similar Posts