ඇමරිකාවේ නිව්යෝක් නුවර සිට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දක්වා නොනවත්වා දිවෙන (Non-stop)    කිලෝමීටර් 16,200ක් දුරකින් සමන්විත ලොව දීර්ඝතම ගුවන් ගමන සදහා පරීක්ෂාවක් ඔස්ට්‍රේලියාවේ ‘ක්වොන්ටස්’ ගුවන් සේවය විසින් පසුගියදා සම්පූර්ණ කරනු ලැබීය.

පුද්ගලයන් 49 රැගත් බෝයිං 787-9 වර්ගයේ ගුවන් යානයක් මේ සදහා භාවිතා කර ඇති අතර මෙම ගුවන් ගමන සදහා පැය 19යි මිනිත්තු 16ක් ගතව තිබේ.  මෙම පරීක්ෂාව සාර්ථක වූ බව පවසන ‘ක්වොන්ටස්’ ගුවන් සේවය නිව්යෝක් සිට සිඩ්නි දක්වා මෙම ගුවන් සේවය මේ වර්ෂයේ අග සිට නිල වශයෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව පවසයි.

මීට පෙර මෙවැනි දර්ඝ ගුවන් ගමන් සේවාවක් සිංගප්පුරැ ගුවන් සේවය විසින් සිංගප්පුරැවේ සිට නිව්යෝර්ක් නුවර දක්වා ආරම්භ කරනු ලැබූ අතර ඒ් සදහා පැයි 18යි මිනිත්තු 25ක් ගතව තිබේ. ඒම නගර දෙක අතර දුර  කිලෝමීටර් 15,344 කි.

Similar Posts