ඉදිරි ජනාධිපතිවරණයේ දී ගත යුතු පියවර සම්බන්ධව අදහස් දෙකක් පවතින නිසා එම පෙරමුණ තුළ අර්බුදයක් නිර්මාණය වී තිබේ. නීතිඥ ලාල් විජේනායක ඇතුලූ එක කණ්ඩායමක් දැනටමත් ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතාට සහාය දැක්වීමට තීරණය ගෙන ඇති අතර, එම මැතිවරණ ව්‍යාපාරය හා සකී‍්‍රයව කටයුතු කරමින් සිටී.

මේ අතර, එම පක්ෂයේ තරණ නායකයෙකු වන චමීර පෙරේරා ඇතුලූ කණ්ඩායම ගොඨාභය රාජපක්ෂ පරාජය කිරීම සදහා ඉදිරිපත් වී ඇති ප‍්‍රභලම අපේක්ෂකයා වන එක්සත් ජාතික පෙරමුණේ සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දක්ව මැතිවරණ ව්‍යාපාරය හා සම්බන්ධව සිටී.

මේ හේතුව මත ජනාධිපතිවරණයේ දී ගත යුතු මග පිළිබදව අවසන් තීරණයකට පැමිණීම සදහා එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් ලබන 23 වන දා පැවැත්වීමට නියමිතව ඇති අතර, එහිදී දෙපාර්ශවයටම එක ස්ථාවරත්වයකට පැමිණීමට නොහැකි වුවහොත් පක්ෂය දෙකඩ වීමේ අනතුරක් පවතින බවත් මේ සම්බන්ධව අදහස් දැක්වූ දේශපාලන විචාරකයෙකු ඬේලි රිපෝටර් වෙත පැවසීය.

Similar Posts