ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීම සදහා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග, කුමාර වෙල්ගම ඇතුලු ශ්‍රීලනිපයේ ජේෂ්ඨයින් ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන විශේෂ පක්ෂ සම්මේලනයක් ලබන නොවැම්බර් 05 වනදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පෑවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙම සමුලුව සදහා පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු, පළාත් සභා හා නගර සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරැ මෙන්ම ආසන සංවිධායකයින් විශාල ප්‍රමාණයක් සහභාගීවීමට නියමිතය. පොහොට්ටුවේ සාමාජිකයින් වීසින් දිගින් දිගටම හු කියමින් ශ්‍රීලනිපය මන්ත්‍රීවරැන්ට විරෝධය පෑම නිසා පොහෝටුව සහාය දැක්වීම මුලින් තීරණය කළ බොහෝ මන්ත්‍රීවරැ පිරිසක් ද 5 සමුලුවට සහභාගී වීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

මෙම සමුලුව සදහා විශේෂ ආරාධිතයෙකු ලෙස දැනට ඒංගලන්ත‌යේ පශු වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන විජය කුමාරතුංග මහතාගේ පුත් විමුක්ති කුමාරතුංග මහතාද සහභාගීවීමට නියමිතව ඇති බවද අප වෙත වාර්තා වේ.

 

 

 

 

Similar Posts