vilpaththu

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ක්‍ෂේත්‍ර සහායකයන් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් සංචාරකයන් අපහසුතාවයට පත්ව තිබෙනවා.

පසුගිය 19 වනදා එහි ක්‍ෂේත්‍ර සහායක නිලධාරියෙකුට පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඔවුන් මෙම වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කළේ ඊයේ (26) උදෑසන සිටයි.

ක්‍ෂේත්‍ර සහායක නිලධාරින්ට සහය පළ කරමින් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ නිරත නිලධාරින් ද අසනීප නිවාඩු වාර්තා කර ඇති බව සඳහන්.

මේ අතර, මෙම වර්ජනය හේතුවෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුල ඇති බීට්ටු කාර්යාල සහ අඩවි ආරක්ෂක කාර්යාල 8 ක සේවාවන් අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි නොච්චියාගම පොලීසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් ක්‍ෂේත්‍ර සහායකයන් ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක බවයි උද්‍යාන භාරකරු සුරංග රත්නායක ප්‍රකාශ කළේ.

Similar Posts