ප්‍රතිඅපනයනය සඳහා රජයේ තීරුබදු ගාස්තුවලින් නිදහස්ව මෙරටට අනායනය කළ විස්කි ඇතුළු විදේශ මත්පැන් ලීටර් 11,257ක් සහිත කන්ටේනරයක තිබූ මත්පැන් බෝතල් ඉවත්කර ඒ වෙනුවට දමා තිබූ පානීය ජල බෝතල් 17,685ක් සහිත පෙට්ටි 1,179ක් රේගු නිවාරණය අංශය විසින් ඊයේ සොයා ගනු ලැබීය.

මෙම බදු වංචාව හේතුවෙන් රජයට  රුපියල් කෝටි 4ක බදු ආදායමක් අහිමි වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල්  ජයරත්න මහතා පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් මෙම කන්ටේනරය මෙරටට ගෙන්වූ සමාගම් 7ක ව්‍යාපාරිකයන් 8 දෙනකු රේගු බාරයට ගෙන ප්‍රශ්න කරගෙන යන බවද රේගුව පවසයි.

බංගලිදේශයට ප්‍රතිඅපනයන කරන බවට පවසමින් මෙම විදේශ මත්පැන් අඩංගු කන්ටේනරය පෞද්ගලික සමාගමක් විසින් මෙරටට ආනයනය කරනු ලැබ ඇත්තේ ඉකුත් 2018 වසරේදීය.

Similar Posts