ලෝක කුසලාන තරගාවලියේ අද (01 වැනිදා) පැවැති තරගයේදී ඇෆ්ඝනිස්ථානය කඩුලු 6 කින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි ස්ථානය දක්වා ඉහළ නැඟ තිබේ. කෙසේ වෙතත් තරග දෙකක් පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය තවමත් සෘණ අගයක් ගනී.

ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක පමණක් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගනු ඇත.

මුලින්ම පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන පිල නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 8ක් දැවී ලකුණු 144ක් රැස්කර ගැනීමට සමත් විය.

අනතුරුව පිටියට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 18යි පන්දු 3කදී කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 148ක් රැස්කර ගෙන තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 66ක් රැස්කර ගැනීමට සමත් විය.

Similar Posts