ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 27 වන සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඊයේ (25) සිය ධුරයේ වැඩ ආරම්භ කළේය.

එහිදී ඔහු සඳහන් කළේ, පක්ෂ දේශපාලනයෙන් බැහැරව ස්වාධීනව නීතිඥ සංගමයේ ඉදිරි කටයුතු කරගෙන යාමට පියවර ගන්නා බවය.

2023 – 2024 වසර සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඡන්ද විමසීමකින් තොරව පසුගියදා තේරී පත් වුණි.

ඒ, එම තනතුර සඳහා ඔහු පමණක් නාමයෝජනා භාරදී තිබීම හේතුවෙනි.

නීතීඥ සංගමයේ මීට පෙර සභාපතිධුරය හෙබවූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාද එම අවස්ථාවට එක්ව සිටියේය.

Similar Posts