ocen-odesy

අමෙරිකාවේ ධනවත්ම සංචාරකයින් 108 දෙනෙකු රැගත් “ඕෂන් ඔඩිසි” නෞකාව අද(18) කොළඹ වරායට සේන්දුවීමට නියමිතය.

අමෙරිකානු සමාගමකට අයත් එම නෞකාවේ දිග මීටර් 105 ක් වන අතර නෞකාව, කොළඹ වරායට පැමිණිම සනිටුහන් කරමින් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ නෞකාවේ කපිතාන්වරයා අතර චාරිත්‍රානුකූල සමරු එලක හුවමාරු කරගැනීමට ද නියමිතව තිබේ.

ඉන්දියාවේ කොචින් වරායේ සිට කොළඹ වරායට පැමිණෙන නෞකාව, හෙට(19) ත්‍රිකුණාමලය වරාය බලා යාත්‍රා කිරීමට නියමිතව තිබේ.

“ඕෂන් ඔඩිසි” නෞකාවේ පැමිණි සංචාරකයින් කොළඹ ,කුරුණෑගල හබරණ, සීගිරිය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතය.

එය දෙසැම්බර් 21 වැනිදා රාත්‍රී 7.00 ට ත්‍රිකුණාමලය වරායේ සිට තායිලන්තය බලා යාත්‍රා කරනු ඇති.

Similar Posts