sathgwain-maruta

ගවයින් සහ එළුවන් ඇතුළු සත්ත්වයින් අසාමාන්‍ය ලෙස තවදුරටත් මියයන්නේ නම්, ළඟම පිහිටි පශු වෛද්‍ය කොට්ඨාසය දැනුවත් කරන්නැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් හේමාලී කොතලාවල මහත්මිය සඳහන් කළේ, පේරාදෙණිය පශු පර්යේෂණ ආයතනයේදී උතුරු නැගෙනහිර මියගිය සත්වයින්ගේ සාම්පල යොදාගෙන පරීක්ෂණ සිදු කරමින් සිටින බවයි.

පසුගිය 08, 09 දෙදින උතුරු – නැගෙනහිර පළාත් වල ස්ථාන රැසක ගවයින් සහ එළුවන් 1000කට අධික ප්‍රමාණයක් මිය යෑමේ සිද්ධීන් වාර්තා විය.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දේපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මෙම මරණවලට හේතුව පැවති අධික ශීත කාලගුණය බවට සැක කරන බවයි.

සබැඳි පුවත්

 

– මස් අළෙවිසැල් සහ ඝාතනාගාර වැසෙයි

 

– මළ සතුන් රසායනාගාර පරීක්ෂණයට

 

– වායු දූෂණය තවත් දින කිහිපයක් – අධික සීතලෙන් ගවයින් 250 ක් මියයයි

Similar Posts