ranil-wickkramasighe

රටේ ආණ්ඩු පෙරලන්න එන විට හමුදාවට පැත්තකට වෙලා ඉන්න බැහැ.පාරට බැහැලා පන්සල්වල ස්වාමීන් වහන්සේලාට තර්ජනය කරන විට, සිවුරු ඇඳ ගත්ත බට්ටො දාලා තර්ජනය කරන විට අපි නිකන් ඉන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පැවිදි පුද්ගලයන් මේවට දමා රටේ කලබල කරන සෙල්ලම නතර කළ යුතු බව කී ජනාධිපතිවරයා පැවිද්දන්ට පැවිද්දන්ගේ වැඩ කටයුතු කරන්න කියන්නැයි ද තමා මෙවැනි දේ කරන්නට ඉඩ දෙන්නේ නැතැයි ද කීය.

ආරක්ෂක අමාත්‍යාංශය මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ තාක්ෂණ අමාත්‍යංශය වැය ශීර්ෂ⁣ විවාදයට ගත් ඊයේ(24) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

Similar Posts