සෞදි අරාබියේ කාන්තාවන්ට ඒරට අවන්හල්වලට වෙනම ප්‍රවේශ වීමට පනවා තිබු තහනම ඉවත් කිරිමට සෞදි රජය තිරණය කර තිබේ.

දැඩි නීති සහිත පාලනයක් තිබු සෞදි අරාබියේ මීට පෙර, සියළුම අවන්හල් සඳහා  කාන්තාවන් සඳහා එක් පිවිසුමක්ද   පිරිමින්ට තනිවම ඇතුළුවීමට වෙනත් පිවිසුමක්ද පැවතුණි.

දැඩි පූජකවරුන් සහ ආගමික පොලීසිය විසින් වරක් ක්‍රියාත්මක කරන ලද දැඩි සමාජ නීති යටතේ සම්බන්ධයක් නැති පුරුෂයින්ට හා කාන්තාවන්ට දශක ගණනාවක් තිස්සේ පොදු ස්ථානවල මිශ්‍ර වීම තහනම් කර තිබුණි.

නමුත් ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්ගේ නව ප්‍රතිස්සංස්කරණ අනුව  මෙම සම්ප්‍රදායන් ඉක්මවා යමින් ඒරට කාන්තාවන්ට යම් යම් අයිතින් ලබා දීමට පියවර ගනිමින් සිටිති.

කාන්තාවන්ට රිය පැදවීමේ තහනමද 2018 වසරේදී ඉවත් කිරිමට පියවර ගැනුනු අතර පොදු විනෝදාස්වාදය තහනම් කිරීම ඇතුළු වෙනත් සීමාවන් ලිහිල් කර තිබේ. මිට පෙර ආහාරපාන, කැෆේ, සම්මන්ත්‍රණ ශාලා සහ ප්‍රසංග ශාලා එය දැඩි ලෙස ක්‍රියාත්මක කළහ. නමුත් පුළුල් ප්‍රතිසංස්කරණ අනුව දැඩි සමාජ නීති ඉවත් කෙරමින් පවතින අතර කාන්තාවන්ගේ අවන්හල් ප්‍රවේශයද ඒලෙස ඉවත් වුවකි.

මහ නගර සභා හා ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය ට්විටර් පණිවුඩයක් මගින් ඊයේ (08) නිවේදනය කළේ මෙය තවදුරටත් අනිවාර්ය නොවන බවයි.

නමුත් මෙහිදි අවන්හල් තුළ වෙන් කළ ආසන ද ඉවත් කරනු ඇත්දැයි සඳහන් කර නැත. නව නීති අනිවාර්ය නොවන නමුත් එයින් අදහස් කරන්නේ අයිතිකරුවන් එසේ කිරීමට තෝරා ගන්නේ නම් අවන්හල්වලට වෙනම පිවිසුම් පවත්වා ගත හැකි බව ඒම අමාත්‍යාංශය පවසයි.

පාසැල් සහ රෝහල් වැනි වෙනත් පොදු ආයතනවල වෙනස්කම් පිළිබඳ කිසිදු නිවේදනයක් නිකුත් කර නොතිබුණි.

දැඩි මතධාරි භාවයෙන් ඉක්මවා ගොස් කාන්තාවන්ට අයීතින් ලබා දිම වෙනුවෙන් ..ඔහුට සෞදි කාන්තාවන් ප්‍රසාදය පළ කර සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

34 හැවිරිදි ඔටුන්න හිමි කුමාරයා සෞදි සිංහාසනයේ උරුමක්කාරයා සහ තථ්‍ය පාලකයා වේ. ඔහු තම පියා වන සල්මාන් රජු වෙනුවට ආදේශ කළහොත්, 1953 සිට පාලනය කළ සහෝදරයන් හය දෙනෙකුගෙන් පසු නව පරම්පරාවකින් පැමිණි පළමු සෞදි රජතුමා ඔහු වේ.

-ශානි-

 

Similar Posts