weather-warning

දිල්ලි නුවර අයහපත් වායු දූෂණයේ බලපෑම, බෙංගාල බොක්කේ අඩුපීඩන තත්ත්වයත් සමග, ශ්‍රී ලංකාව මේ වනවිට අතිශය අයහපත් මට්ටමේ වායු දූෂණයකට ලක්වී තිබේ.

ඉන් වැඩිම බලපෑමක් කොළඹ නගරයට සිදුවී ඇති අතර දිස්ත්‍රික්ක 16ක් වායු දූෂණයට ලක්වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙයි.

මේ අතර විෂ වායු ආඝ්‍රාණයවීම නිසා ඇතැම් විට මරණ පවා සිදුවිය හැකි බැවින් හැකිතාක් දුරට නිවෙස් තුළ රැඳීසිටින ලෙසත් නිවසෙන් බැහැරව යන්නේ නම් මුඛ ආවරණ අනිවාර්යෙන්ම පළඳින ලෙසත් විශේෂඥ වෛද්‍යවරු ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ තුළ මිනිස් සිරුරට අහිතකර කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් වැනි වායුන් අන්තර්ගතවී ඇති බව විශේෂඥයින් පෙන්වාදෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා,

“මේ මොහොතේ තිබෙන වායු තත්ත්ව දර්ශකය අනුව මිනිස්සුන්ට හුස්ම ගන්න සුදුසු තත්ත්වයක් නෙමෙයි තිබෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ ප්‍රවේසම් වෙන්න ඕනේ. හෘදයාබාධ, අංශභාග, ශ්වසන රෝගවලට ගොදුරු වෙන්න පුළුවන්. ගැබිනි කාන්තාවන්, ළඳරුවන් සහ වැඩිහිටියන්ට දැඩි බලපෑම් ඇතිවෙන්න පුළුවන්. පුළුවන් තරම් ගෙදරම ඉන්න පුළුවන් නම් හොඳයි. ඇදුම රෝගීන්ට මේ තත්ත්වය ඉතාමත්ම ප්‍රබල ලෙස බලපානවා. මෙවැනි තත්ත්වයකදී මරණයට පවා ලක්විය හැකියි.”

දිවයින හරහා හමායන සුළං ප්‍රවාහ හේතුවෙන් ප්‍රදේශ රැසකට ශීත කාලගුණ තත්ත්වයක් ඇති වී තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ දිවයින හරහා හමායන සුළං ප්‍රවාහ හේතුවෙන් මෙම තත්ත්වය මතු වී ඇති බවයි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් අද දිනයේ රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් වසා තැබෙන බව අධ්‍යාපනය අමාත්‍යංශය නිවේදනය කරයි.

අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ දිනයේ ද ඌව පළාතේ පාසල් රැසකට නිවාඩු ලබා දුන් අතර අද දිනයේත් මෙම තත්ත්යට පැවැතිය හැකි බැවින් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගත් බව ද අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

මෙම තීරණයට අනුව කතෝලික සියලු පාසල් ද අද දිනයේ පාසල් නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

Similar Posts