citynet

ආසියා ෆැසිෆික් කලාපයේ තිරසර සංවර්ධනය සඳහා කටයුතු කරනු ලබන පළාත් පාලන ආයතන හා නාගරික පාර්ශවකරුවන්ගේ විශාලතම එකමුතුව CityNet ආයතනය වේ. වසර 1987 දී ආරම්හ කෙරුණු මෙම සංගමයෙහි 9 වන සැසි වාරය මෙවර මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරය කේන්ද්‍ර කරගනිමින් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීණි.

1999 වසරේ සිට එහි සාමාජිකත්වය දරන HELP-O ආයතනය මෙවර සමුළුවේ දී සුවිශේෂී ජයග්‍රහණ දෙකක් ලබා ගැනීමට සමත් වීම විශේෂත්වයකි.එනම්, අකණ්ඩව වසර 25ට අධික කාලයක් තුළ තිරසර සංවර්ධනය හා දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා කරනු ලබන සේවාව අගයමින් දේශගුණික විපර්යාස අවම කිරීම හා තිරසර සංවර්ධන අරමුණු වෙනුවෙන් කටයුතු කරනු ලබන SDG Cluster හා Climate Cluster යන කමිටු දෙකෙහිම උප නායකත්වය සඳහා HELP-O ආයතනය තෝරා පත් කර ගැනුණි.

ආසියානු ෆැසිෆික් කලාපයේ සෙසු රටවල් වල ක්‍රියාවට නංවනු ලබන සමගාමී වැඩසටහන් වල අත්දැකීම් සෙසු රටවල් අතර හුවමාරු කර ගැනීම මෙන්ම එක් එක් නගර වශයෙන් ඵලදායි ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම සඳහා තුන් අවුරුදු සැලැස්මක් දියත් කිරීම මෙම කමිටු හරහා සිදු කිරීමට අපේක්ෂිතය.මෙම කමිටු දෙකෙහි උප නායකත්වය සඳහා තෝරා පත් කර ගැනීමට අදාළ සහතික පත්‍ර පිරිනැමීම CityNet ආයතනයේ විශේෂ උපදේශක මේරි ජේන් මහත්මිය අතින් සිදු වූ අතර එම අවස්ථාව සඳහා කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මියද සහභාගී වුවාය.

නිමල් අල්ගෙවත්ත

Similar Posts