ranil

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

නව ජනාධිපතිවරයා දිවුරුම් දීමේ උත්සවය පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති බිරිඳ මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණීමත් සමග අභිනව ජනාධිපතිවරයා වෙනුවෙන් හමුදා උත්තමාචාරයක් ද පිරිනැමී ය.

පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා පිළිගනු ලැබුවේ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසිනි.

රනිල් වික්‍රමසිංහ මහතා තම දේශපාලන ජීවිතයේ දී පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ඉතා ඉහළින් අගය කළ නායකයෙකු ලෙස ප්‍රකටය.

Similar Posts