putin

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සහ රුසියානු හමුදා ජනරාල්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

යුක්රේනය වෙත මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර යටිතල පහසුකම් විනාශ කළ දිනයේදීම මෙම රැස්වීම පැවැත්වීම විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

එම ප්‍රහාරවලින් යුක්රේනයේ බොහෝ ප්‍රදේශවල විදුලි සැපයුම ඇණහිට ඇති අතර, එරට ජනතාව මිලියන ගණනක් අධික සීතල හේතුවෙන් මේ වනවිට දැඩි අපහසුතාවකට පත්ව සිටින බව සඳහන්.

මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයට ලක් කර ඇත්තේ රුසියාවේ මීළඟ පියවර කුමක් විය යුතු ද යන්න පිළිබඳව බවයි වාර්තාවන්නේ.

රුසියානු මිසයිල ප්‍රහාර මාලාවක් යුක්‍රේන නගර වෙත එල්ල කරමින් පවතින අවස්ථාවක ජනාධිපතිවරයා ආරක්ෂක ප්‍රධානීන්ගේ හමුවීම තුළ යුක්‍රේනයට නව ප්‍රහාර මාලාවක් එල්ල කිරීමේ සූදානමක් පවතින බවට පෙනී යන බව විචාරකයින් පවසයි.

රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු සහ සන්නද්ධ හමුදා ප්‍රධානී වැලරි ජෙරසිමොව් ද රුසියානු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවට එක්ව සිටි බව සඳහන්.

Similar Posts