සේනා දළඹුවාගේ ආරම්භයත් සමග 2018 වසරේ කිසිදු හානියක් වාර්ථා නොවු නොච්චියාගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අක්කර 3000ක භූමියක් පුරා වගාකර ඇති බඩ ඉරිගු වගාවට ආක්‍රමණික සේනා දළඹු ප්‍රහාරයක් එල්ල වෙමින් පවතින බව ගොවි ගෙවිලියන් පිරිසක් අනාවරණය කළහ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ බටහිර කොටසට අයත් නොච්චියාගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය පුරා සේනා දළඹු විශේෂය පැතිර යමින් තිබේ.ප්‍රදේශයේ අක්කර 3000ක බඩ ඉරිගු වගාකර තිබෙනා අතර ඉන් අක්කර 2250ක පමණ ප්‍රමාණයක් සේනා ප්‍රහාරයට ගොදුරුවි තිබේ.

මේවනවිට බඩ ඉරිගු පැල අඩි හතරක් පමණ උසට වැවි තිබෙනා අතර සේනා දළඹු වසංගතය සම්බන්ධයෙන් අදහස් දැක්වු ගොවින් පිරිසක්.

පසුගිය 2018 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා සේනා දළඹු වසංගතය පැතිර ගියත් නොච්චියාගම ප්‍රදේශයට හානියක් සිදුවුනේ නෑ.නමුත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගාකළ බඩ ඉරිගු වගාවෙන් වැඩිම හානීය සිද්ධවෙලා තියෙන්නේ නොච්චියගමට කියලා හිතනවා.

කණකර සියල්ල උගස්කරලා වගාවට බැස්සේ.වගාවෙන් සියයට හැත්තෑ පහක් සම්පූර් ණයෙන්ම සේනා ආක්‍රමණයට නතුවෙලා තියනවා. කෘෂි රසායන දේශිය රසායන වර් ග ගස් වලට නාවලා තියෙන්නේ.නමුත් ගස්වල දළඹුවෝ පිරිලා.ගස්වල වර් ධනය සම්පූර් ණයෙන් හීනවෙලා.

මෙවර අස්වැන්නක් ගන්න බැරිවෙයි කියලා හිතනවා.රජයේ බලධාරින් මේ ගැටළුවට නිසි විසදුමක් ගෙනල්ලා ලබන වසරෙවත් ගොවිතැන හරියට කර ගන්න අවස්ථාව උදාකරලා දෙන්න කියලා අපි ඉල්ලනවා යනුවෙන් ඔවුන් පැවසූහ.

අනුරාධපුර – බී.එම්.විජේසුරිය

Similar Posts