train-strike

ප්‍රධාන මාර්ගයේ සහ කැලණිවැලි මාර්ගයේ කාර්යාල දුම්රිය කිහිපයක් අවලංගු කර ඇති අතර, ඒ හේතුවෙන් දුම්රිය මගීහු දැඩි පීඩාවට පත්ව සිටිති.

මේ අනුව පෙරවරු 5.20 ට පොල්ගහවෙල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය, පස්වරු 4.02 කොළඹ කොටුව සිට පානදුර දක්වා ධාවනය වන දුම්රිය, පස්වරු 4.58 පානදුර දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹා කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 5.55ට පොල්ගහවෙල බලා ධාවනය වන දුම්රිය, පෙරවරු 6.25 ට හෝමාගම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය සහ පස්වරු 5.15 කොළඹ කොටුව සිට කොස්ගම දක්වා ධාවනය වන දුම්රිය ධාවනය අවලංගු කර ඇත.

මීට අමතරව පෙරවරු 4.45ට සහ පෙරවරු 5.25ට අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රියන් මහරගම සිට කොළඹ කොටුව දක්වා සෑම දුම්රිය ස්ථානයකම නැවැත්වීමට ද පියවර ගෙන තිබේ.

Similar Posts