වටවල ප්‍රදේශයේ පවත්වා ගෙන යන ඇගලුම් කම්හක සේවය කරන 20 දෙනකු අහඹු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් එක් අයකු කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමට හැකිවු බව අඹගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි.

මෙම ඇගලුම් කම්හලේ සේවයකු මෙසේ කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග ඔහුගේ ලගම ආශ්‍රිතයන් 20 දෙනකු මේ වන විට ස්වයං නිරෝධානයට ලක් කිරිම පියවර ගෙන ඇති බවත් ඔවුන්ද පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද ඔහු පවසන ලදි.

කොවිඩ් ආසාදිතයා ලෙස හදුනාගත් පුද්ගලයා ප්‍රථිකාර සදහා හම්බන්තොට රෝහල වෙත ගෙන යාමට පියවර ගත් බවත් මෙම තත්වයන් මත එම ඇගලුම් කම්හලේ අනිකුත් සේවක පිරිස්ද විටින් විට පි. සි. අර්. පරික්ෂාවන්ට ලක් කිරිමට කටයුතු කරන බවද කාමදේවන් මහතා වැඩි දුරටත් පවසන ලදි.

එමෙන්ම මෙම ආසාදිතයා ආගිය තැන් පිලිබදවද සොයා බැලිම් සිදු කරන බවද ඔහු තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts