earthquake in sri lanka

සුනාමි අනතුරු ඇඟවීම ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවට මෙම භූ චලනය මගින් සුනාමි අවදානමක් නොමැති බවයි .

ඉන්දුනීසියාවේ බෙන්කුලු ආසන්න ඉන්දියන් සාගර ප්‍රදේශයේ ප්‍රබල භූ චලනයක් සිදුව තිබෙනවා. එය රිච්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 6.8ක් ලෙසටයි.

මෙම භූමිකම්පාව කිලෝමීටර් 10 ක් (සැතපුම් 6.21 ක්) පමණ ගැඹුරේ සිදු වූ බවටයි හෙළිවී ඇත්තේ.

මෙමගින් ඉන්දුනීසියාවේ සිදුවූ හානියක් හෝ අනතුරු ඇඟවීමක් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ.

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු, නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සහ ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයෙහි  (18) සිට මෙම මස 21 වැනිදා දක්වා යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවන්ට දැනුම්දීමක් කර ඇත.

 

Similar Posts