pak

අවසන් පූර්ව තරගයේ දී නවසිලන්ත කණ්ඩායම නිරන්තරයෙන් හඹා එන අවාසනාව මෙවරත් එලෙසම ක්‍රියාත්මක වුණා.

ලෝක ක්‍රිකට් පිටියේ 1975 වර්ෂයේ සිට2021 වර්ෂය දක්වා පැවති ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි ගණනාවකදී නවසීලන්ත කණ්ඩායම අවසන් පූර්ව තරගය සඳහා පැමිණි අවස්ථා 11 ක් වාර්තා වෙනවා. මෙම අවස්ථා 11 අතුරින් ඔවුන් අවසන් තරගයක් කරා පැමිණ ජයග්‍රහණය කර ඇත්තේ අවස්ථා 2කදී පමණයි.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී අද (09 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී නවසීලන්තය කඩුලු 7 කින් පරාජය කළ පාකිස්තානු කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 4 ක් දැවී ලකුණු 152 ක් ලබාගත්තේය. පාකිස්තානුවෝ කඩුලු 3 ක් දැවී ලකුණු 153 ක් ලබාගත්හ.

 

Similar Posts